01

207 27 12
                                    

Mrs & Mrs පොපී

" දෙවන වේදිකාවේ නවතා ඇති උඩරට මැණිකේ දුම්රිය ......."
ඔය වචන ටික ඇහෙනවත් එක්කම කකුල් දෙකට සියලු සවි සක්තිය දීපු මම පෝලිමේ ඉස්සරහට පැනලා ටිකට් කවුන්ටරයෙන් නුවරට ගත්තු ටිකට් එක සාක්කුවේ දාගන එහා පැත්තේ පෝලිමේ හිටපු මිනිස්සුත් පෙරලගන ස්ටේෂම ඇතුලට පැනගත්තේ තත්පර පහ හයකට අම්මා හැමදාම මකත් කරන මම කෙල්ලෙක් බව අමතකම කරලා .

ලගදි බූසි කැපුවා කැරලි කොන්ඩේ හුලගේ යද්දි දෙවනි වේදිකාව මතකයෙන්ම දැනගන හිටි මම ඒ පැත්තට දිව්වෙ හිටපු මිනිස්සුන්ගේ අවදානෙත් මගේ දිහාවටම හරවාගන .
ඒක නිකම් ශාරුක් කාජල් නැගපු කෝච්චියටම නගින්න දුවන්නෙ . ආන්න ඒ වගේ කියලමයි හිත කීවේ . හැබැයි ශුවර් එකටම මගේ කර්ල් බූසි කොන්ඩේ ඇති හතර වටේටම මේ මිනිස්සු බලන්න ඉන්නවා ඇත්තේ යස්සනියක් ස්ටේෂමට පැනලා කියලා හිතලා වෙන්නත් බැරි නෑ .

කාජල් කෝමහරි ශාරුක්ව කෝච්චියට ඇදලා හරි දාගත්තට මට ඉතිම් එහෙම චාන්ස් නෑනේ . උඩරට මැණිකේ මම එනවා දුවනවා දැක දැක ඔය ගියේ උඩරට මැණිකේ නෙවෙයි ඕකී වෙලාවකට යන එකි නේ අද ඇද්දුවේ  . දැන් ඉතිම් මොනා කරන්නද වෙලාවත් හතයි පහයි නේ සුපුරුදු පරිදි ආයෙත් එකෙක් දෙන්නෙක්ගේ ඇගක වැදීගන එලියට දුවගන ගිහින් කෙලින්ම නැවතුනේ කොටුවෙ ස්ටේෂමේ ආසන වෙන්කීරිමේ කාමරේ . ඒකේ අමාරුවෙන් තෙරපිලා නහයත් හකුළුගන රණ්ඩුත් වෙලා දෙයියනේ කියලා එක්ස්ප්‍රස් කෝච්චි ටිකට් එකත් අරගන අර ආපු දුරම දුවලා නැවතුනේ ආයෙමත් දෙවනි වේදිකාවේ ..

නහුතෙට සෙනග , ඒ අස්සේ ඈතින් මතුවෙන්නෙ පෙට්ටි හය හතක වැඩිගානක එක්ස්ප්‍රස් මැණිකේ , මදෑ ඉතින් අද නුවරට කකුල් දෙකට පින් දීලා නැගිටලා යන්න හිත හදාගත්තත් අවසානේ මොහොතේ පූරුවේ වාසනාවකට වගේ වීදුරුවක් අයිනෙම සීට් එකක් සෙට් කරගත්තා . පූරුවේ වාසනාවත් නිර්වචනය කරන්න පුළුවන් ඒත් ඉස්සරහ වාඩිවුන එකිගෙ රැවුම් ගෙරැවුම් දැක්කම නිර්වචනය ලොප් වුනා .

දැන් තියෙන්නේ චිල් එකේ යන්න . ඉස්සරහ ඉන්න ගිනි බෝම්බෙ අමතක කරලා ඔච්චරටම ඔරවන්න මම කරේ ඒ කෙල්ලව කෝච්චිය ඇතුලට තල්ලු කරපු එක විතරයි අෆ්ෆා .

හරියටම පෑ දෙකයි මිනිත්තු හතලිහකට පස්සේ නමෝවිත්තියෙන් නුවරට ගොඩබහිද්දි අදාල පුද්ගලයා මිසින් . අදාල පුද්ගලයා තවත් පෑ එකයි මිනිත්තු දහයකට පස්සේ නුවර ස්ටේෂමේ රොබරෝසියා ගස් අස්සෙන් මතුවෙද්දි මගේ ඉවසීම මිසින් .

අදාල පුද්ගලයා ඉන්නවා හිනාවේවි , එන්නෙත් හිනාවේවි
පැය හතරක් විතර කන්න පුළුවන් ඔක්කොම කටු කාලා ස්ටේෂමේ මීටර් සීයත් දුවලා මිනිස්සු පෙරලගන කෝච්චියටත් නැගලා බැනුම් අහලා රැවුම් ගෙරැවුම් මැද හිස් බඩ ආපු මමත් ඉතිම් ,

ඔව් ඔව් හිනාවුනා .

පොපි මලක් ගේන්න ගිහින් පැයක් පරක්කු වුනාලුනේ . මැද ලා රෝස වටේ තද රෝස පාට ගදත් නැති සුවදත් නැති මිලිග්රැම් පහක් විතර බර පොපි මලක් ගේන්න ගිහින් පරක්කු වෙලා .

හිනා නොයා තියෙද 😁.














හිතලු පමණි .
ඔය වගේ හිතෙන සූටි සූටි කතාවල එකතුවක් .
haziii-k .



Mrs & Mrs පොපී . Where stories live. Discover now