Chapter 19

270 62 96
                                    

කැඩපත ඉදිරියේ වාඩිව සිටි ඔමේගාවන් සුසුම් ලමින් කැඩපතට එබී සිටියා! ඇල්ෆාවන්ගේ තියුණු දන්තයන් හමුවේ තුවාලව ගිය දෙතොල් මත උනා තිබූ රුධිර බිදු පිණිමෙන් දිලෙමින් තිබුනා!

එය වේදනා දෙනවා!

කපු කඩකින් දෙතොල් සියුම්ව තවමින් දෙතොල් මතින් රුධිර බිදු ඉවත් කල ඔමේගාවන් සෙමින් මිමිණුවා! ඔමේගාවන්ගේ ලවන් ගැඹුරින් තුවාලව ගොස් තිබූ නිසා රුධිරය ඒ වෙත ගලා ඒම තවමත් නොනැවතී තිබුනා!

ඔමේගාවන්ගේ නීල නෙතු කව්ලුව කරා ඇදී ගියත් අඳුරු වනාන්තරයට පිවිසීමට වෙහෙසක් ඔහු තුල වද්දි සුසුම් හෙලමින් ඔහු යලි කපු කඩ ලවන් මත නිදිකොට තිබුනා!

උතුමාණෙනි..!
අධිරජුන් නුඹ වෙත ලවන් ආලේපන එවා තිබෙනවා!

කුටියෙහි ඇතුල්වීම අභියස සිට සේවිකාවක් පවසද්දි ඔමේගාවන් ඒ දෙසට නෙතු හරවාගෙන සිටියා!

රැගෙන එන්න!

අධිරජුන්ගේ අණ පරිදි සේවිකාව විසින් රැගෙන විත් තිබූ සියයකට ආසන්න විවිධාකාර ලවන් ආලේපන දෙස බලා සිටි ඔමේගාවන් යළි කැඩපත හරහා තම දෙතොල් දෙස බලා සිටියා! මුවට දැනෙන රුධිර රසය නිසාම රුධිර නැවතීමට ආලේපන අවැසි වග දැනගත් ඔහු සෙමින් එක් වර්ණ නොකැවූ ආලේපනයක් අතැගිලි වලට ග්‍රහණය කොටගෙන සිටියා!



ඇල්ෆාවන් කුටිය තුළට පිවිසෙන විට ඔමේගාවන් විශාල කව්ලුව මත වාඩිව සිටියා! කව්ළුව මත වාඩිව සිටි ඔමේගාවන්ගේ දණහිස් පපුවට ලංකොට සිටියදී දුහුල් ධවල සලුපිළි ඔහු හා අමනාපවී මෙන් එම පිරුණු කලවා මතින් ලෙස්සා විත් කුටියෙහි වන අඳුරු දැව මත ලැගුම්ගෙන සිටියා!

ගෝර්‍යෝ අහසෙහි අඳුර බිලි ගැනීමට අද රක්ත පැහැ චන්ද්‍රයාවත් නොවෙද්දි පියව ගිය නීල නෙතු සමඟ යළි නැගෙන චන්ද්‍රයා පෙර මෙන් රක්ත පැහැ නොවේවි යන බලාපොරොත්තුව සමඟ ඔමේගාවගේ තොල් අඟ සැනසුම් සුසුමක් රැදී තිබුනා! කව්ලුව මද්‍යයට වන්නට ඇති ලෝහ මංජුසාව තුල දැවෙන සඳුන් දර, කුටිය සුවදවත් කරද්දි තොල් අතරින් මිමිනෙන සිහින් සිනිදු පදවැල් සමගින් කව්ලුවට පිටදී සිටි ඔමේගාවා සෙමින් දෙපසට චලනය වෙමින් සිටියා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now