07.බර්ත්ඩේ සප්‍රයිස් 🍰

582 69 13
                                    

"ඒයි.. දොර ඇරපංකො"

මූ මොන මගුලක් කරනව ද මංදා ලයිටුත් off කරන්. කලුවර යි හතර වටේ ම. අර යකා ට අහු උනා මදිවට.

"පිටසක්වලයෝ... මේ දොර ඇරපන් කො බං"

සිතෙව් ආයෙම බෙරිහන් දෙන්න කලින් අනුධ ඇවිත් දොර ඇරියා. ඒත් ගේ ඇතුල නම් තාමත් කලුවරයි.

"අම්මටසිරි උබ ආවද ? මං හිතුවට වඩා කොල්ලා වැඩ කාරයා ඈ."

"අනේ මේ කට වහන් ඉදපම්. මාව අර පාරෙ මොකෙක්ද එකෙක් වගේ දාලා ඇවිත් තව කියවන්නත් එනව "

"ආදරෙයි නෙ ඉතිං "

අනුධ කිව්වෙ හැමදාම වගේ කට උල් කරන් සිතෙව් ගෙ මූණ ඉඹින්න ලං වෙන ගමන්.

"අහකට පලයාආආආ.න්....."

"ඔය ඉතින් සුදාම්මියා මං එක්ක තරා වෙලානෙ."

"අනේ මේ . උබ එක්ක බෑ බං. අහක් වෙයම් මං යනව වොශ් දාන්න. මොකද උබ මේ කලුවරේ. "

සිතෙව් අනුධ ව තල්ලු කරන් ගේ ඇතුලට යද්දින් ම අනුධ ලයිට්ස් ඔන් කලා.

"හැපි බර්ත් ඩේ මගෙ කොටෝ"

සාලෙ මැද කහ පාට තාරා පැට්ටෙක් වගේ හදාපු හුරු බුහුටි කේක් එකක්. 24 ඉලක්කම තියෙනවා දීප්තිමත් ගිනි දැල්ලක් එක්ක දිලිසි දිලිසි.

සිතෙව්ගෙ බර්ත් ඩේ එක. එයාට 23 සම්පූර්ණ වෙලා 24 ලබනව. ඇත්තටම සිතෙව් ට එයාගෙ උපන්දිනේ අමතක වෙලයි තිබ්බෙ. එයාට විතරක් නෙවෙ එයාගෙ සීයටත්. දවසම ගෙවිලා ගිහින් තිබුනත් කව්රුවත් ම එයාට wish කරල තිබ්බෙ නෑ ඒ වෙද්දිත්. සිතෙව් ගෙ බෝල ඇස් වලට කදුලු කැට පිරුනෙ කාට නැතත් එයාගෙ මේ ඒලියන් ට එයාගෙ හොදම යාලුවගෙ උපන්දිනේ අමතක නොවිච්ච එක ගැන හිතලා.

"අඩෝ.. ඔය ඉතිං ඕං ඇරගත්තා ටැප් එක."

"තැන්ක්‍යූ කොටි හපුවෝ .. උබට විතරයි මතක් උනෙ. අඩුගානෙ මට වත් මතක් උනෙ නෑ."

සිතෙව් අත් දෙකින් ම ඇස් වල මතු වෙච්ච කදුලු පිහිද ගෙන අනුධ පස්සෙන් ගේ ඇතුලට ගියා. අනුධ තැඹිලි පාට පේපර් රිබන් එකකින් ගැට ගහල මේසෙ පැත්තකට වෙන්න කේක් එකට එහායෙන් තිබ්බු පිහිය අරන් ඇවිදින් සිතෙව් ගෙ හුරුබුහුටි ඇගිලි අතර රැදෙව්වෙ කේක් එක කපන්න ඉගි කරන ගමන්.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now