Second update for the day 💀
" ට්‍රීං "
ගෙදර දොරේ බෙල් එක වදිනවත් එක්කම ජින්ගේ ඇස් එක පාරටම ගියේ ඔරලෝසුව දිහාට.යුන්ගි මේ වෙලාවට එන්නේ නැති නිසා ඔහු හොදින්ම දැනගත්තා මේ ඇවිල්ලා ඉන්නේ කව්ද කියලා.
'අන්තිමේදි ඔහු ඇවිල්ලා'
මූණට ආව ලොකු හිනාවත් එක්ක ජින් ගෙදර ඉස්සරහට ගියේ ගේට්ටුව අරින්න.
ගේට්ටුව අරිනවත් එක්කම ජින්ගේ ඇස් ලොකු උනේ එයාටවත් එයාගේ ඇස් අදහගන්න බැරි උන නිසා.
'ඔහු බොහෝමා රූමත්'
ජින් සිතින් හිතන ගමන් ජිමින්ට කතා කළා.
" මිස් පාක් එන්න ඇතුලට.මම ඔබ එනකම් බලාගෙන හිටියේ "
සුදුමැලි වෙලා හිටිය ජිමින්ගේ මූණට ඉබේටම හිනාවක් ආවේ ජින්ගේ හිනාව නිසා.ඇත්තෙන්ම කිව්වොත් ඔහු ඔහෝම බය වෙලා හිටියේ ඔහුට මොනවගේ පිළිගැනීමක් හමු වෙයිද කියන එක ගැන.
" බොහෝම ස්තුතියි "
" ඇයි ස්තූති කරන්නෙ.අද පටන් මේ නිවස ඔබේත් නිවස "
ජින් ජිමින් අතේ තිබුණ බෑග් එක ගන්න යද්දී ජිමින් අංශක අනූවට නැවිලා බෑග් එක අල්ල ගත්තේ එක දෙන්න බැහැ කියන්න වගේ.
" ඔබේ බෑග් එක දෙන්න.මම ඇතුලට රැගෙන යන්නම් "
" ඒකට කමක් නැහැ.මට පුළුවන් "
ජිමින් තාමත් ඉන්නේ නොසන්සුන් වෙලා කියලා තේරුම් ගත්ත ජින් ඔහුව තවත් කලබල නොකරන්නට තීරණය කළා.
" එන්න එහෙනම් අපි ඇතුලට යමු "
ජින් ඔහුව ගේ ඇතුලට එක්කගෙන ගියේ ඔහුට නිවසේ ප්‍රදාන තැන් ටිකත් පෙන්නන අදහසින්.
" මිස් පාක් "
" ජිමින් "
" අහ්හ්හ් "
" මට ජිමින් කියන්න "
" අහ්හ් හොදයි ජිමින් "
ජිමින් ඔහු එක්ක මේ තරම් හෝ සන්සුන්ව කතා කළ එක ගැන ජින් සතුටු උනා.
" ඉතින් ජිමින් මගෙ නම ජින්.මේ නිවසේ ප්‍රධාන සේවකයා "
" සේවකයා "
YOU ARE READING
永遠の魂 | 𝗬𝗠 | 𝗼𝗻𝗴𝗼𝗶𝗻𝗴
Fanfictionමින් ජිමින් යනු ඉතාමත් පෝසත් පවුලකට දාව උපන් සුන්දර සුකුමාල තරුණයෙක්.නමුත් ඔහුගේ සැබෑ මව මිය ගිය පසු ඔහුගේ පියා,ඔහුගේ පෙම්වතිය වී සිටි තරුණියව නැවත විවාහ කර ගන්න අතර එනිසා ජිමින්ට ඔහුගේම නිවසේ වැඩකාරයෙකු ලෙස වැඩ කිරීමට සිදුවෙනවා. ජිමින්ගේ කුඩම්මගෙ ඉ...