° CHAPTER 26 °

458 69 30
                                    

ඇස් වලට දැනුන බර ගතියත් එක්ක මං හිමීට ඇස්දෙක අරිද්දි වටපිටාව බොද වෙලා පෙනුනත් මං ඇහි පිල්ලම් ගහලා එලියට ඇස් දෙක හුරු කරගෙන බලද්දි මුලින්ම දැක්කෙ සුදු වටපිටාවක් විතරයි.. උගුර වේලිලා ගිහින් වගේ.. මං හිතන්නෙ මම ඉන්නෙ හොස්පිට්ල් එකේ.. ග්‍රවුන්ඩ් එකේදි ෆේන්ට් උනහම මට දැනුනෙ කවුරුහරි මාව උස්සලා ගන්නවා විතරයි.. මගෙ අත කවුරු හරි අල්ලගෙන ඉන්නවා කියලා තේරුන නිසා මං ඒ පැත්තට ඔලුව හරවලා බලද්දි ඒ හිටියෙ ජන්කුක්.. අදත් ඕනම වෙලේදි එයා ලගින් හිටියා.. මං මගෙ කැනියුලා එක ගහලා තියෙන අතෙන් පරිස්සමට ජන්කුක්ගෙ ඔලුව අතගෑවා පව් එයාට මහන්සි ඇති.. මං විනාඩියක් විතර එයාගෙ ඔලුව අතගගා ඉද්දි ජන්කුක් ඔලුව උස්සලා මගෙ අතින් අල්ලගෙන මූණට එබුනා..

" මැණිකෙ.. මොකද්ද බං උබට උනේ එකපාරටම.. "

" මට පොඩි කාලේ ඉදන්ම හතිය තියෙනවා ජන්කුකී.. ගොඩ කාලෙකින් නෙ රනින් ඉවෙන්ට් එකකට ආවේ.. ඒකයි.."

" චූටි මැනිකේ උබට කියන්න තිබ්බනෙ බං.. ආයේ මේ වගේ වැඩ කරන්න එපා බං මං බයෙන් හිටියේ.. උබ මගෙ පණනෙ ටේ.."

" අනේහ් සොරි ජන්කුකී.. දැන් මට හොදයි නේ.."

" දෙනවා උබට මම දැන් හොදයි නෙවෙයි තොට තොට මට එන කේන්තියට ගහන්න පුලුවන් දත් ටික බඩට යන්න.."

" මොකද්ද අනේ මෙච්චර වෙලා ආදරෙන් කතා කරලා දැන් බනින්නේ.."

" කට වහන් ඉදපන්.. උබට කතා කරන්න දෙන්න එපා කිව්වා ඩොක්ට.."

ජන්කුක් මගෙ කටට අත තියලා කට වහලා මගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.. සනීපයි.. පැය භාගයක් විතර ඉන්නකොට ජන්කුක්ට කෝල් එකක් ආවා.. මටත් ඇහෙන්නම ස්පීකර් දැම්මා..

" හෙලෝ කියපන් යුන්ගි.."

" හරි මං එන්නම් ජිමින්ව ඉක්මනට එවහන් උඩට.."

" හරි හරි උබ බයික් එක ලගට පලයන් මං එන්නම්.."

" චූටි මං දැන් යනවා.. ජිමින් එයි ඇහුනනෙ කෝල් එක අයියා ආවලු.."

" ම්ම් ඔව් ජන්කුකී.. පරිස්සමින් යන්න හොදේ.."

" හරි බං අයියා ගියහම ජිමින්ගෙ ෆෝන් එකෙන් කෝල් එකක් දෙන්න මං එන්නම්.. ගෙදර යන්නෙ නෑ යුන්ගිලගෙ ගෙදර ඉන්නේ.."

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now