"අනූ.. අද ඔයාට කැම්පස් යන්න වෙන්නෙ තනියම "
"ඒකට කමක් නෑ බං. උබ ගිහින් බලපන් කො සීයා මොකාටද එන්න හදන්නෙ කියල ඒ පාර"
"සුවර් එකට ම මොකක් හරි මරාලයක් බං. මට මේ මනුස්සයගෙන් නිදහසක් ඇත්තෙම නෑනෙ "
"උබ වැඩිය ඔවා හිතට ගන්න එපා. ගිහින් බලපංකො."
"හ්ම්ම්.. "
"එහෙනම් මං යනව බං පරක්කු වෙනව අද 8.30 නෙ lectures "
අනුධ බැක් පැක් එකත් කරේ දාං මෙච්චර දවස් නිවාඩු දීලා තිබ්බ බයික් එකෙන් කැම්පස් යන්න පිටත් උනේ අද සීයා හම්බෙන්න යන්න සිතෙව්ට කා එක දීලා.
____________________________________________
පැය දෙක තුනක විතර ගමනකින් පස්සෙ සිතෙව් හිටියෙ විශාල ගේට්ටු පියන් දෙකක් අතරින් ඇතුල් උනු මාතර පැත්තෙ ලොකුම ලොකු ගෙදරක මිදුලෙ. ඒක තමා සිතෙව්ගෙ අම්මයි තාත්තා යි නැති උනාට පස්සෙ සීයා එක්ක ඉදපු ගෙදර. ඒ කියන්නෙ මහ ගෙදර. ටිකක් මොඩර්න් තාලෙට තිබුනත් ඒක වලව් පරම්පරාවෙන් ආපු ගෙදරක්. සිතෙව් ගෙ තාත්තා තමයි ඒක අලුත් තාලෙට ඔහොම හරි හැදුවෙ. සීයා නම් ඒකට කැමති උනෙත් නෑ. කොහොමත් සිතෙව් ගෙ සීයගෙ කීමට සිතෙව් ගෙ තාත්තව නටවන්න බැරි උනා. සිතෙව් ගෙ තාත්තා සිතෙව්ගෙ අම්මව කසාද බැන්දෙ උනත් සීයගෙ අකමැත්තෙන්.
දැන් වලව් තාලෙට නැතුව මොඩර්න් විදිහට තිබුනත් දැනටත් සීයා ට හැමෝම කතා කලේ වලව්වෙ රණවක හාමු කියල. සිතෙව් ගෙ තාත්තා සංඛ පුංචි මහත්තයා. එමී කියන්නෙ සිතෙව් ගෙ අම්මා. එයා ලංකාවෙ කෙනෙක් නෙවෙයි.
සිතෙව් ගෙ තාත්තා AUSTRALIA වල ඉගෙනගන්න කාලෙ තමා එහෙ UNIVERSITY එකේදි එමී ව හම්බෙලා තියෙන්නෙ. DEGREE එක ඉවර උනාට පස්සෙ දෙන්නම ලංකාවට ඇවිත් MARRY කලේ සීයගෙ අකමැත්තෙන් උනත් ACCIDENT එකෙන් පස්සෙ සිතෙව්ව බාරගන්න සීයා කැමති උනා. ඒකට හේතුවක් තියෙනවා ඒක පස්සෙ කියන්නම්.
සිතෙව් ට තියෙන්නෙ ත් අම්මගෙ හැඩ හුරු. සිතෙව් ගෙ අම්මට පුංචි නෝනා කිව්වෙ නෑ කව්රුත්. ඒ සීයට තිබුන බය හින්දා.
සිතෙව් ගෙ සීයාට සිතෙව් ගෙ තාත්තා ඇරෙන්න තව පුතෙක් ඉදියා. ඒ සිතෙව් ගෙ තාත්තා ගෙ අයියා සේනක. සිතෙව්ගෙ ලොකු තාත්තා. එයා කොහෙත්ම ආදරණීය මනුස්සයෙක් නම් නෙවෙයි. එයාට ඉන්නෙ දුවල දෙන්නෙක්. ලොකු දුව හශී. එයා පිටරටක ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. එයාට අවුරුදු 27 ක්. දෙවනි දූ නමින් යේශා. එයාට අවුරුදු 21 යි. රණවක පව්ලෙ හුරතලී.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...