Do you track your cycle?
මම හිතන්නෙ මගෙ පොත් වට්පෑඩ් එකේ කියවන්නෙ teenagers ලා කියලා. හැබෑ මේක teenage නෙවෙයි ඕනෙම කාන්තාවකට වැදගත් මාතෘකාවක්.ඔබ ඩිම්බ පිට වීම ගැන, ඔබේ ඔසප් චක්‍රය ගැන අවධානයෙන් ද ඉන්නෙ?
හරි අපි මුලින්ම බලමු ඇයි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනෙ කියලා.
🍁 අක්‍රමවත් ඔසප් වීම බොහෝ රෝගවල මූලික ලක්ෂණය වෙන්න පුලුවන්
🍁 සරු දින ගැන අවධානයක් නොමැති කමෙන් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නෙ නැතිනම් අනවශ්‍ය ගැබ් ගැනීමක් වෙන්න පුලුවන්
මෙන්න මේ කාරණා දෙක නිසා ඔසප් චක්‍රය ගැන අනිවාර්යයෙන් අවධානයෙන් ඉන්න ඕනෙ.
විද්‍යාවට හෝ සෞඛ්‍යයට උගත් දේ මතක් කරගත්තොත් චක්‍රයේ කොටස් හතරක් තියෙනවා නෙ.
Menstruation - ඔසප් වීම
Follicle phase - ස්‍යුනික අවධිය
මේ අවධියේදි ඩිම්බ කෝෂයේ ඇති ස්‍යුනිකා එක් එක් වර්ධන සහ විපර්යාසය වලට ලක් වෙනවා.Ovulation - ඩිම්බ පිටවීම
වර්ධනය වුණ තෘතීයික ස්යුනිකාවකින් ගැබ් ගැනීම සඳහා සුදුසු ඩිම්බයක් පිට වීම.මේ ඩිම්බය පිට වන / පිට විය හැකි කාලපරාසය තුළ ලිංගික එකතු වීමක් සිදු වුවහොත් ගැබ් ගැනීම සිදු වෙනවා.
සාමාන්‍යයෙන් ඩිම්බය පිට වීමට දින පහකට පෙර , පිටවන දිනය සහ පිට වී දිනකට පසු, ඒ කියන්නෙ ඔක්කොම දවස් හතක් සරු කාලය ලෙස සලකන්න පුලුවන් . ප්රශ්නය තියෙන්නෙ මේක හරියටම මේ දවසටම වෙනවා කියලා අපට කියන්න අමාරුයි ඒ නිසාමයි දවස් පහක කාලයක් කාලයක් වෙන් කරලා තියෙන්නෙත් , ඒත් හරියටම ඒ දවසටම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුළුවන්. අක්‍රමවත් cycles නම් මේක තවත් අවුල් වෙනවා.
Luteal phase - ලුටීය අවධිය
ඩිම්බය පිට කළ පසු ඉතිරි ඩිම්බ කෝෂයේ ඉතිරිවන කොටස ලුටීය දේහය ලෙස හඳුන්වනවා. ඉන් හෝමෝන ස්රාවය වෙනවා. පසුව ගැබ් ගැනීමක් සිදු නොවුනහොත් එය පීත දේහය බවට පත් වෙලා විනාශ වෙලා යනවා.ඔන්න ඔය හතර ඇතුළෙ සිද්ධ වෙන දේවල් ගැන අනිවාර්යයෙන් අවධානයෙන් ඉන්න ඕනෙ.
ВЫ ЧИТАЕТЕ
⭕The Hidden ⭕
Разноеඔයා ලිංගාශ්‍රිත රෝග ගැන දැනුවත් ද? ආරක්ෂා වෙන්න දන්නවද? ඔයාගෙ ප්‍රශ්න වලට විසඳුම මේ පොතේ තියෙන්න පුලුවන් .....