09.පාට් ටයිමර් කොටිහපුවා

523 66 56
                                    

"ඔහ්.. උබ මෙච්චර ඉක්මනට ආව ද ?"

"හ්ම්ම්.."

"මං හිතුව එන්න රෑ වෙයි කියල "

"හ්ම්ම්.."

"උබලෑ හිට්ලර් සීයා හොදින් ඉන්නවද ?"

"හ්ම්ම්.."

"මොක ද යකෝ අහන හැම එහෙකට ම හුම් හුම් ගාන්නෙ.. උබට යකෙක් වත් ගැහුවද එන ගමන්. අර හොර වංගුව පැත්තෙන් ද ආවෙ උබ. මං උබට කියල තියෙනවා ඒ පැත්තෙන් එන්න එපා කියල. ඔතන සුදු නයිටියක් ඇදගත්තු වයසක ගෑනියෙක් ඉන්නව බං. දෙතුන් දෙනෙක් ම දැකල. "

සිතෙව් අත් දෙක අස්සෙ මූණ ඔබාගෙන සෙටියට බර උනා.

"ඒයි.. මොකක් හරි අව්ලක් ද බං "

"නිකන් ම අව්ලක් නෙවෙයි බං. ලිහාගන්න බැරි වෙන තරමෙ අව්ලක්."

අනුධ කරේ දාන් ඉදපු බැක් පැක් එක ගලෝලා ටෙබල් එක උඩින් තියල එහෙම්ම ම ඇවිත් සිතෙව් ගාවින් වාඩි උනේ බැරෑරුම් මූණක් හදාගෙන ලොකු කතාවකට මුල පුරන්න වගේ .

"සීයා මට මැරි කරන්න බල කරනව බං "

"මොකක්..? කාවද ?"

"යේශා නංගි ව බං "

"අර උබලෑ ලොකු තාත්තගෙ පොඩි එකී නේ?"

"හ්ම්.. ස්ටඩීස් ඉවර උනා ම මැරේජ් එක කරනව කිව්ව. එයාල හැමදේම තීරණය කරල ඉවරයි. එච්චරයි මට තේරුනේ. "

"ඉතිං ඒකි කැමති ද ?"

"පිස්සුද බං. ඒකි මැරේජ් ලයිෆ් එකකට කැමති නෑ කොහොම ත්. මං ඒක දන්නව. අනික අදත් ඔය ගැන කතා කරද්දි මාත් එක්ක කිව්ව ආරාමයක් බලල තියෙන්නෙ කියලත්."

"ඈ බං. අනික ඒකි තාම A/l ඉවර කලා විතරයි නේද? උබව තකහනියක් ගෙන්න ගත්තෙ මොන මගුලටද සේරම තීරණය කරල නම්. අපරාදෙ උබට වෙඩිමට ම එන්න කියන්න තිබ්බනෙ උබලෑ සීයට. හනි මූන් එකටත් සීයාටම යන්න කියපන්."

"කතා කරල වැඩක් නෑ බං. මං දන්නව මුං මොකටද මේ ලෑස්ති වෙන්නෙ කියල . තාත්තා ඉදිය නම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඒකත් මගෙම කරුමෙ බං."

"හරි හරි.. වොරි වෙන්න එපා. තව කල් තියෙනවා නෙ සිතෙව්. උබ තාම වොශ් දාලත් නැ. ගිහින් වරෙන්. නෝට් කම්ප්ලීට් කරන්න ත් ඕනි නෙ"

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now