11.සාරා

545 59 24
                                    

"කොහෙද බං ගියෙ. මං උබව හැම තැනම හෙව්ව. වෙලා ගිහින් කොටෝ."

කොච්චර උදේ ආවත් සිතෙව් පේන්න නැති හින්දා අදත් අන්තිම සීට්ස් වල තමා ඉදගන්න වෙන්නෙ කියල දන්න අනුධ ලෙක්චර් හෝල් එකේ එන්ට්‍රන්ස් එක ගාව ඔරලෝසු කටු දිහා තරහින් බලන් ඉදල බර කල්පනාවක පැටලීගෙන ම එන සිතෙව් ව දැක්ක ගමන් කියවන්න ගත්තා.

සිතෙව් වචනයක් වත් කතා නොකර ගිහින් ලෙක්චර් හෝල් එකෙන් ඉදගද්දි අනුධ ත් ඒ පස්සෙන් ම ගිහින් සිතෙව් ට එහා පැත්තෙ සීට් එකෙන් ඉදගත්තා. ඩීන් ගෙ මිනිබිරී ඉන්නව හරියම සිතෙව් ට එහා පැත්තෙන්. බර කල්පනාවක ආව නිසා සිතෙව් ට ඒක ගානක් උනේ නෑ. අනුවා දැක්කෙත් පස්සෙ.

"ඕයි ඕයි.. සිතෙව් උබ මෙතන්ට වරෙන් කො"

අනුධ යා වැලමිටෙන් ඇනල කියද්දි පියවි සිහියට ආව සිතෙව් අනුධ ගෙ මූණ දිහා බැලුවෙ ඇයි අහන්න වගේ.

"පව් නොදී මෙතනට වරෙන් කො බං. සාරා ඉන්නෙ එහා පැත්තෙ. අද නම් ටෝක් කරනව පුතො සෙට් වෙන්නම."

අනුධ දිහාවට ඇහිබැමක් උස්සල කොරයි කොරයි වගේ බැලමක් දාපු සිතෙව් ඉන්න තැනින් නැගිටල අනුධ එක්ක මාරු උනා.

සිතෙව් යි අනුධ යි අතර මේ කඩිමුඩියෙ වෙච්ච දේ සාරා ඇස් කොනින් බලාගෙන යි හිටියෙ.

සාරා ට තිබ්බෙ චාම් ලස්සනක්. දෙවියෝ නිදහසේ මවපු රූප කියල අර අපි කියන්නෙ. ආන් ඒ වගේ. අයි ලයිනර් කරල වගේ දුරට පේන ඒත් ළං වෙලා බලන කෙනෙක් ට අගින් හරි රටාවකට උඩට කර්ව් උනු දිග ඇස් පිහාටු තිබුනා සාරාට. ලාවට රැලි කොණ්ඩෙ ලේයර්ස් වෙන්න කපල කඩා දාලා ඉන්න නිසා එයාගෙ බෝල මූණ ට අමුතු ලස්සනක් ගෙනාව. කලුම කලු පාට බෝල ඇස්. එයා අහිංසක ගෑනු ළමයෙක්. කවද හරි චූටි ලස්සන දොස්තර නෝනා කෙනෙක් .

 කවද හරි චූටි ලස්සන දොස්තර නෝනා කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now