"කිටෝ !!!"
උඩතට්ටුවෙන් තරහෙන් අඩි හප්පන වගේම කෑගහන සද්දෙකුත් එද්දි ,මන් නැන්දා හදපු හැලොවීන් ස්පෙශල් චොක්ලට් කොෆින්කේක් එකේ රස බලන්න ගත්තා , මොනාවුනත් මරු කේක් එක . අපෙ නැන්දටනම් ආය සුපිරියට කෑමනම් හදන්න පුලුවන් . ඒවට ගහන්න මේ ලේන් එකේ කාටවත් බෑ . කෝමත් කෑම තියෙන්නෙ කන්නනෙ නෙහ් , නැන්දා මාකට් එකට යන්න කලින් කේක් එකට අතවත් තියන්නෙපා කිව්ව එක පොඩ්ඩකට අමතක කරලා මන් ආය කේක් එක රස බලන්න ගත්තා .ඔහ් මන් ඔයාලට කිව්වෙ නෑනෙ මන් කව්ද කියලා , එහෙනම් ටිකක් ඉන්ටකෝ
මන් Tokito kai , මට දැන් 15 , ඔව් ඔව් මන් සෙක්සි කියුට් හැන්ඩ්සම් තරුන වියේ පසුවන කොල්ලෙක් , මන් ජීවත් වෙන්නෙ ලන්ඩන්වල මගෙ නැන්දය් මාමය් ඒවගේම මගෙ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක ඇන්ඩ් කස් එක වෙන මගෙ ට්වීනත් එක්ක , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි දෙන්න අමුඩෙය් පස්සය් වගේ තමා . ටොයිලට් ගියත් , කන්න ගියත් , ක්ලාස් එක අස්සෙ වලක් බැස්සත් , කාටහරි ලයින් පාරක් දැම්මත් ඉදිකට්ටය් නූල වගේ අපි දෙන්නා එකට නැති තැනක් හොයන්න ඇත්තෙම නෑ ඇත්තටම , ඒ වුනාට අනිත් ට්වින්ස්ලා වගේ අපි දෙන්න පෙනුමෙන් නම් සමාන වුනේ නෑ , මොකද අපි දෙන්න විශම නිවුන්නු නිසා අපෙ පව්ලෙ අයට තිබ්බෙ කොරියන් මිශ්ර යුරෝපියන් පෙනුමක් , ඒ ආභාසෙන් මට කොරියන් පැත්තට බර පෙනුමකුත් මගෙ අක්කට ඉටලි සම්බාවයකුත් ලැබිලා තිබුනා , මගෙ අක්කා Mona Agana , සීතල මනුස්සයෙක් , ඔව් ඔව් අතිශය සීතලය් Dry ice වගේ හැබැයි අනිත් අයට , මාත් එක්කනම් ආය කෙලින්ම ටොම් ඇන්ඩ් ජෙරි එකේ ටොම්ගෙ චරිතෙට එයා බොක්කෙන්ම පන පොවනවා , මන් ඉතින් ධාතු ජෙරියා වගේ අගාට උගුල් අටෝ අටෝ කාලෙ ගෙවනවා , ඒ එහෙම එකක ප්රතිඵලයක් තමා අර කලින් උඩ බෙරිහන් දුන්නෙ , තව ටිකකින් එයි කොස්සක් හරි උස්සන් , එහෙමය් කියලා මේ අපි සැලෙනවද නෑනෙ නෑනෙ , ඔෆ් කෝස් නෝ බේබ් බිකෝස් අම් කිටෝ නිකන් කිටෝ නෙමේ ටොකිටෝ කාය් , මාය් අක්කය් හයිස්කූල් එකේනම් ෆේමස් කැරක්ටර්ස් දෙකක් , සුපුරුදු විදිහට අගා ස්කූල් එකේදි අයිස්ක්වීන් වෙද්දි මන් ගොඩක් අයගෙ අයිඩියල් බෝය් ටයිප් එක වුනා . අගා නම් ඉරිසියාවට කිව්වෙ කෙල්ලන්ටත් මොකද පොත්ත සුදුවෙලා ටිකක් උස වුනාම එන්නෙ වැදගෙන කියලා , බට් හූ කෙයර්ස් ගර්ල්ස් එයාහෙ ඉරිසියාවනෙ ඔය එයාට ඒහෙම නෑ කියලා , ඇත්තටම එහෙම නෑ නෙමේ එයාටත් මගෙ තරම්ම ෆෑන් බේස් එකක් හිටියත් එයා ඉන්නෙ ඩෝන්ට් කෙයා ටයිප් එකේ නිසා කවුරුත් එයාට වැඩිය ලන් වෙන්නෑ . අපි දෙන්නගෙම ස්කූල් ටයිම් හොබී එක වුනේ බාස්කට් බෝල් ප්ලේ කරන එක , අගායි මාය් දෙන්නම ටිකක් එක සමාන උසක හිටියා . මන් අඩි 6 . 2 වෙද්දි එයා මට වඩා අගලකින් මිටිවෙලා අඩි 6.1 උනා . ඒ නිසා අපි දෙන්න හයිස්කූල් එකේ උසම ට්වින්ස්ලා වුනා , අපි දෙන්න ක්ලාස් එකේ වල බැහැලා හිටියොත් ඉතින් ගොඩක් වෙලාවට ඉන්නෙ බාස්කට් බෝල් කෝට් එකේ .
YOU ARE READING
In ILVERMORNY With Kito & Aga | Wizard School
FantasyILVERMORNY , School of Witchcraft & Wizardry මායා පාසලක් ඇතුලෙ , ත්රාසජනක , කුතුහලය හා මිතුදමත් එක්ක ගෙවෙන කිටෝගෙය් අගාගෙය් කතාව #tokitokai #monagana #ilvermornyschoolofwitchcraft&wizardry #funnylife #brotherhood #siblingstolovers #darkmagic