46

32 8 1
                                    

"තරු....."
"............."
"තරූ...."
"ආහ්... අපි ආවාද?"
"................"

අපි ගේ ගාවටත් ඇවිල්ලා.... මං බහින්න ලෑස්ති වෙනකොට අයියා මගේ අතින් අල්ලගත්තා...

"මල්ලි පොඩ්ඩක් ඔහොම ඉන්න...."
"ආහ්...?"

තෙනූ අයියා මල්ලි කියන එක ලේසියෙන් කියන්නේ නෑ.... එයා ඒක ඔය තරම් බර විදිහට කියලම නෑ... මං දන්නේ නෑ අයියා කතා කරපු විදිහට මාව ගැස්සිලා ගියා... මං අයියගෙ දිහා බැලුවේ.... ඇයි ඒ විදිහට කතා කලේ කියලා අහන්න වගේ....

"දේවල් ගැන ඔය තරමටම හිතින් කරදර වෙන්න එපා.... ඔයාට තියෙන ප්‍රශ්නේ යාලුවා ගැන නම් මට යාලුවගෙ විස්තර ටික දෙන්න මං පුලුවන් විදිහට නෙවෙයි කොහොමහරි එයාට මොකද උනේ කියලා හොයලා දෙන්නම්.... ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ ඇවිදින එක ගැන නම් ඒක ගැන හිතන්න එපා මං ඔයාව අවුරුද්දක් ඇතුලත හොදට ඇවිදින කෙනෙක් කරන්නම්.... ඔයාට ප්‍රශ්නෙ අපේ සම්බන්දේ නම් ඒක් ප්‍රශ්නයක් නෙවෙයි අපි කලින් විදිහට ඉමු.... මං විතරක් හැමදේම හරියනකල් ඔයාට ආදරේ කරන්නම්..... ඔය වගේ කරදරෙන් කල්පනා කර කර ඉන්න එපා.... ඒක මට බලාගෙන ඉන්න බෑ...."

"අයියේ....!?"

"දැන් මං ඇයි එහෙම කිව්වේ කියලා හිත හිත වද වෙන්න එපා.... ගේ ඇතුලට යනකොට පොඩ්ඩක් මූන බෙරි කරගෙන යන්න මගෙන් බැනුම් අහලා ඉන්නවා වගේ...."

"ම්ම්...."

මට අයියා පවු කියලා හිතුනා.... අයියා මගේ තනිකම මකන්න කරන්න පුලුවන් උපරිම සීමාවටත් එහා යන්න හදනවා.... එයා ආදරේ කරනවා... ඒත් මං ආදරේ නොකලට තරහා නෑ කියනවා... මට තෙරෙන්නේ නෑ මට මේ දැනෙන්නේ අයියා පවු කියන හැගීමද.... නැත්තම් මං අයියව පාවිච්චි කරනවා කියලා දැනෙන එකද කියලා.... මගේ හිත ගොඩක් රිදෙනවා.... කාර් එක ඇතුලට දාලා බැහැලා ඇවිත් මාව වාරු කරගත්තා....

"අයියේ...."
"කියන්න තරූ...."
"පොඩ්ඩක් නවතින්න මට කියන්න දෙයක් තියෙනවා....."
"කියන්න..."

අපි දෙන්නම කාර් එක ගාව නැවතුනා....

" මට ප්‍රශ්නේ යාලුවා ගැන විතරයි.... ඇවිදින එක.... ඒක ප්‍රශ්නයක් නෙවෙයි.... අයියා ඉන්නකල් මං කකුල් තියෙන මිනිහෙක්ට වඩා හයියයි.... අයියා ලගින් හිටියොත් ඇති.... ආදරේ ගැන ප්‍රශ්නයක් නෑ අයියේ.... මං අයියට ආදරේ කරන්න බය නෑ.... මං බය මගේ ආදරේ නිසා අයියට කරදරයක් වේවී කියලා විතරයි.... ඒත් දැන් මං ඒකට බයත් නෑ.... ඔයා මං වෙනුවෙන් මේතරම් දේවල් කරන්න එපා අයියේ.... දවසක මට මොනවා හරි වුනොත්...."

"ඔයාට මොකුත් වෙන්නේ නෑ මොනවද මේ කියන්නේ...!"

"පොඩ්ඩක් අහන්නකෝ.... මට මොනව හරි වුනොත්... ඔයාට ඔයාවත් නැති වේවි.... මට මෙච්චර ආදරේ කරන්න එපා.... තේරුනාද...."

"ඔයාට මොනවත් වෙන්නේ නෑ.... ඔයාට මොනවා හරි වුනොත් ඒ කියන්නේ මට ඊට කලින් මොනවා හරි වෙලා කියලා... ඔයා ගාවට එන්න දැන් ඕන කෙනෙක්ට මාව පහු කරන්න වෙනවා... දැන් යමු...."

මං අයියා හිනා වුනා.... එයට පිස්සු.... එයා දැන් තියෙන ඇත්ත තත්ත්වේ දන්නේ නැතුවයි කතා කරන්නේ.... අපි ගේ ඇතුලට යනකොට අම්මයි අක්කයි අපි දිහාවට ඇවිදගෙන ආවා.... ඒ දෙන්නා කලබලයි....

"තරුක කඅරේට යන්න මං ඔයා එක්ක කතා කරන්න පස්සේ එන්නම්...."
".............."

අයියා බනින විදිහට එහෙම කියද්දි මං හා කියන්න ඔලුව හොල්ලලා ඔලුව පාත් කරගත්තා...

අක්කා අයියා ගාවින් මාව අරගෙන කාමරේට එක්කගෙන ගියා....












"මොක්ද මල්ලි වුනේ.... අයියා බැන්නද...."
"ටිකක් විතර බැන්නා...."
"ඔයා ඕවා හිතන්න එපා....මං අයියාට කියන්නම්...."
"තැන්ක්ස් අක්කේ...."
"මල්ලි අයියගෙන් අරක ගැන ඇහුවද...."
"මොකද්ද...."
"අයියට සම්බන්දයක් තියෙනවද කියලා...."
"අනේ මන්දා.... එයා නම් කියන්නේ එහෙම එකක් නෑ කියලා.... අපිට නොකිව්වට තියෙනවද දන්නේ නෑ...."

මං ලගින් ඉදගත්තු අහිංසා අක්කා මාත් එක්ක හිනා වුනා....

"අය්යා නෑ කිව්වා නම් නැතුව ඇති තරුක....."
"ම්ම්........"
"ඔයා අයියා බැනපු නිසා දුකින් නේද ඉන්නේ.... ඔයාගේ දුක නැතිවෙන්න සුභ ආරංචියක් කියන්නද... මේක දැනගන්න දෙවනි කෙනා  ඔයා...."

"ඒ මොකද්ද...."

"මං දැන් ටිකකට කලින් අම්මටත් කිව්වා.... අම්මාත් කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා.... අම්මා ඉක්මනටම අයියට කියයි....."

"අප්පෝ ඔච්චර අගේ කරන්නේ නැතුව කියන්නකෝ...."

"අම්මා අයියට කියනකල් මේක රහසක් හොදද...."

"ම්ම්... ප්‍රොමිස්..."

"මං තෙනූ අයියාට කැමතියි....!!"

__________________________
මම

^_^

Nara...

Letter of November  [yizhan] sinhalaWhere stories live. Discover now