° CHAPTER 28 °

453 72 57
                                    

" ජන්කුක් ඔයා හෙට උදේම යනවද.."

" ම්ම් නෑ චූටි මං තව පැයකින් විතර යනවා.."

" මොකක් ඇයි ඒ අනේ තව්සෙ කිව්වෙ හෙට යනවයි කියලනෙ.."

" මේ අහපන් මැණිකේ ගෙදර කවුරුත් නැති කොට පිට මනුස්සයෙක් ගෙදර ඇවිල්ල ඉන්නකොට වටපිටාවේ මිනිස්සු කතා හදයි.. ඇරත් නෑ නෑ ඒක ඕනෙ නෑ.."

" ම්හුම්.."

" දැන් ඔය අඩනවද අපෝ අපෝ මට ඉන්නෙ අඩන බෙබෙක් නෙ සැක්.."

" අනේ මෙ ජන්කුකී යනවා යන්න බැරිනම් ඕන එකක් කරගන්නවා.."

" තරහා ගන්න එපා බං.. අද නොහොටියට ඉස්සරහට හැමදාම ඉන්න වෙන්නෙ මාත් එක්කනෙ බබා ම්ම්.."

" අනේ යනවකො යන්න ලැජ්ජ කරන්නැතුව.."

" කෝලම ඔහොම ලැජ්ජ වෙලා පුලුවන්ද බං.."

" ම්හුම්.."

" කෝ නැගිටහන් අපි පහලට යමු ජිමිනුත් තනියමනෙ.. මට තේ එකක් හදලා දෙනවකො සුදූ.."

" හා යමු ඔයා මූණ හෝදගන්නවනම් හෝදගෙන එන්න මං තේ හදන්නම්.."

" ම්ම් හරි.."

මං පහලට යද්දි ජිමින් හිටියෙ නෑ.. එලියට ගිහින් බලද්දි ඌ හවස පහන තියන්න මල් කඩනවා.. මං ජිමින්ට වැඩේ කරගන්න දීලා එහෙමම කුස්සියට ගිහින් වතුර එකක් ලිපේ තියලා කිරි පිටි එක අරගෙන කෝප්පෙකට පිටි හැදි දෙකක් කෝපි හැදි භාගයක් ඒකටම සීනි හැදි දෙකකුත් දැම්මා.. ඇයි ඉතින් අර මහ බබා තේ බොන්නෙ නෑනේ.. තව කෝප්පයක් අරගෙන ඒකට තේකොළ හැදි දෙකක් දැම්මා.. දාලා ෆ්‍රිජ් එකේ තිබ්බ මං හදපු කුකීස් වගයක් අරගෙන මයික්‍රොවේව් එකට දැම්මා.. ආයෙම පැන්ට්‍රිය ලගට ගිහින් උතුරපු වතුර කෝප්ප වලට දාද්දි මගෙ ඉණ වටේ එතුනෙ අතක් එක්ක ගැස්සිලා ගිහින් තව ඩිංගෙන් උනු වතුර එකත් හැලෙනවා..

" ජන්කුකී මොනාද කරන්නෙ අනේ.."

" ම්ම් දැන්ම ගෙදර දොර වැඩ පුරුදු වෙන එක හොදයි බබා.."

" අනේ යන්නකො එහාට මට මේක හදාගන්න දීලා.. අර මයික්‍රොවේව් එකේ තියෙන කුකීස් ටික එලියට ගන්නවා ගිහින් නැත්තන් කර වෙයි.."

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now