පනස් හතරවන කොටස 🥀

798 151 16
                                    

"උබ අදත් යනවද?"

"ම්"

"මේ කෑම එක අරගෙන පලයං. මං උදේ ඉව්වා"

"එපා ආශ්"

"අගා උබ මොකක්ද බං කරන්නෙ? උබ ඔහොම නැහීගෙන වැඩ කරලා ලෙඩ වෙන්නද හදන්නේ? මොකක්ද මේ දේවල්වල තේරුම?"

"මං යනවා"

"ඔව් උබට පුලුවන් ඔච්චරයි. හැමදාම ප්‍රශ්නවලින් පැනලා පලයං. එතකොට හරි"

"ආශ් කට වහගන්නවා"

"ඇයි? ඇයි මං කට වහගන්නේ? කෙයාන් උබත් බලන් ඉදපං. මූ මෙහෙම ගිහින් පිස්සෙක් වෙයි යකො!!"

ආශ් තව මොනවද කියව කියව මට බනිනවා. ඒත් මං ඇහුනේ නෑ වගේ ඇවිත් කා එකට නැගලා කෙලින්ම ගියේ මරදානට. මගේ කා එක දැක්ක ගමං සිකියුරිටි ඇවිත් ගේට් එක ඇරියා. දැන් මාව පුරුදුයි මනුස්සයට. මං කා එක ඇතුළට දානවත් එක්කම ඒ මනුස්සයා කට පුරවලා හිනා වෙලා ඔලුව පහත් කළා. මං ඒක දැක්කත් නොදැක්කා වගේ ආවේ වටේපිටේ වෙන කිසිම දෙයක් ගැන මට කිසිම හැඟීමක් නැති නිසා.

කා එක පාර්ක් කරලා ඇතුළට ගියාම එතන හිටිය හැමෝම මට 'ගුඩ් මෝනින්' කිව්වත් මගෙන් ඒ කිසි කෙනෙක්ට එක බැල්මක්වත් ලැබුනේ නෑ. කොල්ලෝ ගොඩක් මැද්දේ ඉන්නේ කෙල්ලෝ දෙන්නයි. ඒ දෙන්නත් ගරාජ් කිට් ඇඳලා. හැමෝම තම තමන්ගේ daily shedule එක ගැන විස්තර කරන විදිය මං අහගෙන හිටියේ අවදානෙන්.

"සිතුම්"

"සර්?"

"ඊයේ රෑ ගෙනාව කා එකේ වැඩ කොහොමද වෙන්නේ?"

"අද දවසම මට ඒක තමයි කරන්න වෙන්නේ සර්. හිතුවට වඩා සෑහෙන්න ඩැමේජ්. කලින් තත්වෙට ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා"

"කොහොමහරි වැඩේ වෙන්න ඕනේ!"

"හරි සර්"

පහළ ඉදන් කරන්න ඕනේ වැඩ ඔක්කොම කරලා මං ඔෆිස් රූම් එකට ඇවිත් නැවතුනේ සයිඩ් වෝල් එකේ ගහලා තිබ්බ ෆොටෝ එක ඉස්සරහ. දැක්ක මුල් දවසේ කොච්චර නම් විකාර හිතුවද ඒ ෆොටෝ එක ගැන. ඒත් ෆොටෝ එක හරියටම දැක්කට පස්සෙයි මං තේරුම් ගත්තේ ඒ ගැන.

ඒ ෆොටෝ එකේ තිබ්බේ එයාගේ මං අහම්බෙන් දැක්ක whatsapp dp එකේ සම්පූර්ණ ෆොටෝ එක. ඒකේ හිටියේ මං. අපි අම්බුලුවාවේ ගිය දවසේ මට හොරෙන් ගත්‍ත මගේ ෆොටෝ එකක්. මගේ රූපේ හොඳටම හුරු කෙනෙක්ට ඇරුනම වෙන කෙනෙක්ට ඒ ඉන්නේ මං කියලා හිතාගන්න බෑ.

Us, Again || 🥀✨️Where stories live. Discover now