" අපි මේක නතර කරමු ජන්කුක්.. මන් වගේ කෙල්ලෙක්ට ඔයාව ගැලපෙන්නෑ ඒක තේරුම් ගන්න "දැනටමත් රතු ගැහිලා කදුළු උනලා තිබ්බ ජන්කුක්ගේ බෝල ඇස්වලින් කදුලු බිංදුවක් රෑටලා වැටුණා. යූනා ඒක දැක්කේ නෑ වගේ අහක බලාගත්තා..
" මන් ඔයාට ආ..දරෙයි යූන්.. "
" ඒකෙන් මට වැඩන්නෑ ජන්කුක්.. මට මේ සම්බන්ධේ තවත් ඉස්සරහට අරන් යන්න බෑ.. "
ජන්කුක්ගේ ඇස්වලින් එකදිගට කදුළු හැලුණා.. කොච්චර නවත්තන්න හැදුවත් ඒ ඇස්වලට කදුළු උනන සීමාවක් තිබුන්නෑ. දැවිල්ල දෙන ඇස්වලට පිරුණු කදුළු නිසා ජන්කුක්ට යූනාව පෙනුණේ බොද වෙලා." අනේ මට ඔහොම කරන්නේ ඇයි රත්තරනේ.. මන් ඔයාට ආදරෙයි මගේ මැණිකේ.. "
" මන් වෙන කෙනෙකුට කැමැත්ත දීලා ඉවරයි ජන්කුක්. මන් එයාව කසාද බඳිනවා.. "
යූනා තරහෙන් හුස්මක් පිට කරන ගමන් කියනකොට ජන්කුක් ලූණූ කප කප හිටපු පිහිය කටින් බෝඩ් එක උඩින් තියලා ඇස්වල කදුළු පිහිද ගත්තා. ඊටපස්සේ තොල් තද කරන් හිනාව කාගෙන ඉන්න යූනාව උස්සලා කිචන් ටොප් එක උඩින් තිබ්බම යූනා දඩබඩ ගාලා ජන්කුක්ගේ ඉන වටේ එයාගේ කකුල් දෙක පටලන් උරිස් වටෙන් අත් දාලා ජන්කුක්ගේ බෙල්ලේ එල්ලුනා..
" ආ ඇත්තද මිසිස් ජියෝන්.. වෙන කෙනෙක්ව කසාද බඳින්නද යන්නේ ඈ.. "
"ඇයි මිස්ටර් ජියෝන් මට එහෙම කරන්න දෙන්නෑද ? "
" දෙනවා !! දෙනවා මම ගුටියක් !! "
ජන්කුක් හප් කියන්න වගේ යූනාට සැර දාලා කෙල්ලගේ ටීෂර්ට් එක උස්සලා බඩ හරිය කුචු කවනකොට යූනා කැපිච්ච පණුවා වගේ ඇඹරෙන්න ගත්තා. කෙල්ලට යන්තන් ඇල්ලුවත් ඇති මැරෙන්න තරම් කිචි. පෙලක් වෙලාවට ජන්කුක් නිකන් ලගට එනකොටත් කෙල්ල පිටිපස්සට පනිනවා ජන්කුක් කුචු කවනවට බයේ.. ඇයි ජන්කුක් හිටපු ගමන් පැනලා කෙල්ලට හිනාවෙලා පණ යනකම් කුචු කවලා තමා අතාරින්නේ..
" අනේ.. අනේහ් එපා ජන්කුකී.. ආහ්හ්හ්හ්හ් කිචි කිචි ඔතන අල්ලන්න එපාආආආආආහ්හ්හ් ... අන්න අර ලිපේ තියන එක කරවෙනවා අනේහ්... එහාට යන්නකෝ ... එපා මනුස්සයෝ මට කිචීඊඊඊඊ.. "
BINABASA MO ANG
Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
Fanfictionකොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -