13.අභීගෙ අම්මා.

486 48 29
                                    

ටික වෙලාවකින් ගෙදර දොර ඇරුනා. ඉස්සරහට ආවෙ අභීගෙ වගේම දිප්තිමත් බෝල ඇස් දෙකක් තියෙන දිගට දිගේ තැනින් තැන කෙස් ගස් තුන හතරක් සුදු පාට උන කොන්ඩ කරලක් ගොතල ඉස්සරහට දාපු හතලිස් ගනන් වල අග බාගෙ වගේ ඉන්න ගෑනු කෙනෙක්.

අභීගෙ අම්ම කියල අදුනගන්න ඒ හැටි අමාරුවක් නොවුනෙ එකම වගේ පෙනුමයි එයා ඊලගට කියපු දේටයි.

"මොකද මයෙ පුතේ කෑ ගහන්නෙ..?"

කොණ්ඩෙ අගට හෙයාර් බෑන්ඩ් එකක් රදවන ගමන් ආව අභීගෙ අම්ම සිතෙව් ව දැක්කෙ නෑ මුලින්ම. අභීගෙ කටහඩ නිසා වෙනද වගේ ම අභීට කතා කරන් ආව.

"අහ්.. මේ කව්ද මේ දරුව. පුතාගෙ යාලුවෙක් ද ?"

"අහ්.. ඔව් අම්මා. මේ සිතෙව් !
සිතෙව් මේ ඉන්නෙ මගෙ අම්මා. මගෙ සුදු දෝණි"

අභී සිතෙව් ට කිව්වෙ අම්ම ගාවට ගිහින් අම්මගෙ නලලට පුංචි කිස් එකක් දෙන ගමන්.

"අනේ මේ ළමයට විකාර දරුවො.ඔය දරුව එන්න ඇතුලට. ගෙදර ට ආව දරුවව දොරකඩ තියාන විකාර දොඩෝනව. "

සිතෙව් අභීගෙ අම්මා පස්සෙන් ම ඇවිත් අම්මා පෙන්නපු සාලෙ තිබ්බු අහස් නිල් පාට සෙටියෙන් වාඩි උනා. සෙටියෙ කොන්වලට පාට පාටින් පිලෝස් තියල අමුතු ම ලස්සනයි .

"සිතෙව්! ඔයා අම්ම එක්ක කතා කර කර ඉන්න මං විනාඩි 5 න් එන්නම් වොශ් එක්ක දාන්."

"මයෙ පුතේ.. ගෙදර ට පලවෙනි පාර ට ආව මනුස්සයා ව තනියම දාලා ඔයා දැන් ඔය වොශ් දාන්න යන්නෙ ?"

"අයියෝ... එයාට අව්ලක් නෑ අනේ. ඔයා ඉන්නවනෙ අම්මා. මං ඉක්මනට එන්නම්. උදේ මාව වැස්සට අහුවෙලා මා ගාව ගදයි."

"මේ කොල්ලා නම් කියන දෙයක් අහ්න්නෙම නෑ පුතේ. දෙයක් කිව්වොත් කරලම නෙ පස්සෙ බලන්නෙ"

ඔව් ඉතිං හෙන පණ්ඩිතයිනෙ. ඇයි වැස්සට අහු උනාම ගද ගහන්න බල්ලෙක් ද. මාව මෙතන තනියම දාලා.  අව්ලක් නැත්තෙ කොහෙද. මං ආවෙම අද නෙ. මොනා අහයි ද දන්නෙත් නෑ අම්මා මගෙන්. මොනාද දෙන්න ඕන උත්තර. හිතුනොතින් ඇත්තම කියනව මං ආයෙ ඔහේට වසන්න ම බැරි වෙන්න. හුම්.... අම්මෙ ඔයාගෙ පුතා මල්සරා. අවුරුදු ගානක් මට පැණි බේරෙන තොදොල් වචන දදා පෙම් හසුන් ලිව්ව කියල. නාගෙන වරෙම්කො.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now