"වාආආආහ්හ්හ්ව්....."
සිතෙව් ඉස්සරහ තිබුනෙ එයාගෙම ආර්ට් එකක්. පුංචි ම සියුම් හැඩතල පවා හරි ලස්සනට මතු කරල තිබුනා. අභී කොයිතරම් දක්ශද. සිතෙව් ට මොහොතකට හිතුනා.
සිතෙව් කලාවට කැමති කෙනෙක්. එයාගෙ හීනෙ උනෙත් ආටිස්ට් කෙනෙක් වෙන එක. අවාසනාවකට සීයා නිසා එයාට හීන අත අරින්න උනා.
සිතෙව් ගෙ ඇස් සතුටින් පිරිල. ඇස් කෙවෙනි තෙත් කරගෙන කාව කදුලු බින්දු දෙක තුනක් අස්සෙන් සිතෙව් ට ආට් එක පෙනුනෙ බොද වෙලා. ආට් වලට ආදරේ කරන මිනිස්සුන්ට ඒක වෙනව.
අභී පිටිපස්සෙන් ඇවිත් සිතෙව් ව හග් කරගත්තේ සිතෙව් ගෙ උරහිට නිකට තියාගෙන සිතෙව් එක්කම ආට් එක රස විදින ගමන්. ටික වෙලාවකින් තමන්ගෙ ඉන වටේ එතිල තිබුන අභීගෙ අත් පොඩ්ඩක් ලිහිල් කරල සිතෙව් අභී දිහාට හැරුනා.
"ඇයි මැණික මේ ඇස් වල කදුලු "
අභීට සිතෙව් ගෙන් උත්තරයක් නම් ලැබුන්නෑ. ඒ වෙනුවට පපුවට පපුව දැනුනු උණුසුම් වැලද ගැනීමක් හම්බුනා. අභීගෙ පපුවට තුරුලු උන සිතෙව්ට ඒ හද ගැස්ම ඇහුනා. එයා වෙනුවෙන් ගැහුන හද ගැස්ම එයාට අමුතු ම රිද්මයකට දැනුනා. සිතෙව් ට දැනුනෙ වචන කරගන්න බැරි තරම් හැගීම් ගොඩක්.
අභීගෙන් ඈත් උන සිතෙව් කදුලු පිහිදගෙන මොහොතකට අභීගෙ බෙඩ් එක උඩින් වාඩි උනා. අභීට සිතෙව් එක්ක කතා කරන්න ඕනි උනත් අභී ඒම කලේ නැ. සිතෙව් හිටියෙ කොහෙදෝ ලෝකෙක අතර මන් වෙලා.
සිතෙව් ගාවින් වාඩි උන අභී සිතෙව් ගෙ උකුලෙන් ඔලුව තියාන ඇස් පියා ගත්තා. අම්ම ගාව ඇරෙන්න අභීට මේ සැනසිලි දායක හැගීම මීට කලින් දැනිල නෑ. අභීට දැනුනා සිතෙව් ගෙ හීනි ඇගිලි තුඩු එයාගෙ කොණ්ඩ කැරලි අස්සෙන් සනීපෙට එහෙ මෙහෙ දුවනව.
"අයියෙ.. !"
"ම්ම්හ්....?"
අභී ඇස් ඇරියෙ සිතෙව් ගෙ කට හඩ ට. ඒ ඇස් කෙලින්ම අභීගෙ ඇස් වලට බර වෙලා තිබුනා.
"මට ආදරේ කරන්න බයයි."
අභි සිතෙව් ගෙ උකුලෙන් නැගිට්ටා. නැගිටල සිතෙව් ගෙ මූණ එයාගෙ ලොකු අත් වලට හරි පරිස්සමට මැදි කර ගත්තා.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...