"කොහෙද බං උබ ගියේ"
සිතෙව් හවස ගෙදර ට එද්දිම සෙටිය උඩ පත බෑවිලා ඉදපු අනුධ ඇහැව්ව.
"අහ්.. මං අභී අයියලගෙ ගෙදර ගියා."
"මොකක්?"
"හ්ම්.."
"අව් අව්.. ගෙදර ට යන්න තරම් සෙට් ද ආහ්... මට කිව්වෙවත් නෑ උබ. "
"ඉතිං මේ කිව්වෙ"
"එහෙම නෙවෙයි බං. උබ දැන් ඌට කැමති කියල කිව්වෙ කවද්ද ?"
"තාම කිව්වෙ නැ."
"ඈ යකෝ ඒක හරි කතාවක් නෙ. උබ ඌ එක්ක ඇවිදින්න යන්නෙ අහවල් එහෙකට ද එහෙනම්. "
"ඇවිදින්න ගියෙ නැ."
"එහෙනම් ගෙදර ගියා කිව්වෙ?"
"ගෙදර ගියා ඉතින්.. "
"අනේ මංදා බං උබගෙ හතර බීරි කතා."
"අඩෝ.. අභි අයියගෙ අම්මගෙ කෑම පට්ට රහයි බං."
"උබ එහෙන් කෑවත් එක්ක ද ? අම්මාත් ඉන්නද්දි?"
"ඔව් ඉතිං "
"උබල නම් මාර උන් දෙන්නෙක් තමා බං. ළමයෙකුත් හදාගන්නකම් උබ ආදරෙයි කියන්නැතුව ඉදී ද දන්නෙත් නැ."
අනුධ සිතෙව්ට හෙන කැත හිනාවක් දාලා කියද්දි සිතෙව් කාමරයට යන්න ගියා.
"ඉබ්බා කට්ටට රිංගනව වගේ ඕකට රින්ගන්න කලින් මං උබට කෑම හදපුව අස් කරල පලයම්. ඇයි යකෝ මං මුට කන්න හදන් ඉන්නව පව් නෙ කියල. මූ ගිහින් නැන්දම්මගෙන් පැලෙන්න ගිලල ඇවිත් මෙතන.. මං තව වලනුත් හෝදන්න..හහ්.. !"
සිතෙව් ට බැන ගෙනම අනුධ ආයෙ ම ෆෝන් එක දිහා බැලුවෙ එයා බලන් ඉදපු කෝල් එක තාම ආවෙ නැති හින්දා.
උදේ සාරාට නම්බර් එක දුන්නනෙ. අනුධ මේ බලනින්නෙ එයාගෙන් කෝල් එකක් එනකල්.
අනුධ ට නොදැනිම සෙටියෙම නින්ද ගියා. පැය බාගෙකට විතර පස්සෙ අනුධ ව ගැස්සිලා ඇහැරුනේ ෆෝන් එක රිංග් වෙද්දි.
ඇස් පොඩි කරල නිදි මතේ ම ස්ක්රීන් එක දිහා බලපු අනුධ දැක්කෙ unknown number එකක්. අනුධ කෝල් එක ආන්සවර් කරපු ගමන් ....,
"සාරා..."
කියලම කතා කලේ ඒකයි.
"මං බලන් හිටියා ඔයා කතා කරන කල්.."
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...