_සිතෙව් p.o.v_
ලෝ එකටයි මෙඩිකල් එකටයි බස් තුනක්. තුනෙන් ඕන එකක යන්න පුළුවන් අව්ලක් නෑ . අනික් එව්ව ගැන හොයන්න ගියෙ නැ. අවශ්‍ය දේවල් විතරක් ඔලුවට දාගන්නයි මං පුරුදු වෙලා හිටියෙ. නැත්තං බෑ.
මං බැක් පැක් එකත් එක අන්ඩකින් කරේ එල්ලන් හෙඩ් සෙට් එකත් දාන් බස් තුන පේන මානෙ ඉදන් උඩ බලන් හිටියා. ඒ අස්සෙන් හීනි වැහි පොදකුත් යනව. තෙමෙනව අප්පාහ්. මේ වැස්සෙ මොන ට්‍රිප් ද. අහරෙ අනික් උන් කුබි ගුල ඇවිස්සුනා වගේ ජනෙල් අයින් අල්ලගන්න පොර කන දිහා බලාගෙනයි මේ ඉන්නෙ. සෝමාලියාවට පාන් දාලා වගේ.
"ඕක ආයෙ පොර කන්න දෙයක් යැ. කොහෙ ඉදගත්තත් එකම තැනට නෙ යන්නෙ.
බස් එකකට නගින්න හිතන් ගල් පිලිමෙ වගේ හිටපු තැනින් යන්න හදද්දි නොටිෆිකේශන් එකක් ආව.
මොකාද උදේ පාන්දර. මූ මොකද.
පලවෙනි එකේ මං.
ඒ මැසෙජ් එක තිබ්බෙ අනුධගෙන්. ඌ පලවෙනි බස් එකේ ඉදගෙන. මං එක්ක ඇවිත් මාව තනියම දාලා මූ යන්න ඇති පෙම් මුල්ල අල්ලන්න. හහ් උටයි සාරටයි.
බලන් ඉදල ඉදල තත්ත්වය ටිකක් සාමකාමී උනාට පස්සෙ ඉස්සරහ ම නවත්තල තියෙන බස් එකට නගින්න යද්දිම සිතෙව් ගෙ ෆෝන් එකට කෝල් එකක් ආව.
"හෙලෝ"
"ඕකට එපා ඒන්ජල් දෙවනි එකට නගින්න"
"හා"
බස් එකේ පඩියට තිබ්බු අඩිය ආයෙන පස්සට ගන්න ගමන් කියල දාලා මං ෆෝන් එක කට් කල්ලා දැම්මා.
අනුධ යා පලවෙනි එකේ කිව්වට මට එන්න කියල කිව්වෙ නෑනෙ. අභි අයියා එන්න කිව්වනෙ. ඉතිං දෙවනි එකට යනව. සිතෙව් නිදහසට කියන්න හේතුවක් හොයාගත්තා. කොහොමත් පලවෙනි එකට ගියත් අරුන් දෙන්නගෙ කිචිබිචිය අහන් ඉන්න එපැයි. බබා බබා බබා... යැයි යැයි..
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...