කොල්ලො වැඩි හරියක් ම ඇදන් ඇවිත් හිටියෙ ශෝට්. කෙල්ලො ඉතින් ඩෙනිම් තමා. එහෙමත් පොශ් එකියක් තමා කොට කලිසම් ඇදන් ඇවිත් තිබ්බෙ. ඒත් පොශ් උනත් උන් කොට කලිසම් ඇන්දෙ නෑ කූඩැල්ලන්ට බය නිසා. ඩෙනිම් හොදා. රෙද්ද ගනයි නෙ. කූඩැල්ලට දත් පාර හිටින්න අල්ලන්න බෑ.
කට්ටිය පෝලිම් හැදෙනව කන්ද පාමුල. හන්තාන කදු වැටියෙ කදු හතක් තියන කතාවක් තමා කිව්වෙ. ඔක්කොම හරි කූඩැල්ලො සීන් එක නම් මට පෙන්නනන්න බැ. ඇත්ත ම කතාව මං එව්න්ට බයයි. කට්ටියම සපත්තු වලට දාන් ඉදපු හාෆ් සොක්ස් අයින් කරල දිග මේස් වලට මාරු උනා.
මං මගෙ බෑග් එකේ සයිඩ් පොකට් එකෙන් ගත්තා ආයෙ සුපිරි ගැජට් එකක්.
"ඔය මොකක්ද ?"
ඒක දැකපු අභී අයියා මං දිහා බලන් ඉන්නෙ ඒකට උත්තරයක් දෙනකම්. මං ඒකෙන් චුට්ටක් අභී අයියගෙ මූණට ස්ප්‍රේ කලා. එයා චුට්ටක් දිව ගාලා බැලුව කට දිහාට්ට වැදුන හරියට.
"ඈක්කා සිතෙව්.. ලුණු ?"
මං ඊයෙ ඛාන්ලගෙ ප්ලාස්ටික් බඩු කඩෙන් හිස් සැනිටයිසර් බෝතල් දෙකක් අරන් ඒවට ලුණු වතුර පිරෙව්ව. එකක් අනුධ ගෙ බෑග් එකට එබුව. ඌට ඒක හම්බුනාද දන්නෑ. ඌට නම් ඒක ඕන වෙන එකක් නෑ. මහ කූඩැල්ලි ඉන්නවනෙ ඇගේ එල්ලීගෙන. කිව්වත් වාගෙ මං ආපිට හැරිල බලද්දින් අනුධ ය සාරාගෙ පාද නමස්කාර කරගෙන ඩෙනිමෙ කකුල මේස් එක අස්සට හිටින්න හදනව. නැත්තං කලිසම් කකුල අස්සෙන් කූඩැල්ලො රිංගල කෑවොත් . හ්හහ්..
මං ඉතිං හෙන ගොබ්බ හිනාවක් දාලා මගෙ සපත්තු වලටත් එක්කම ස්ප්‍රේ කරගෙන තව එහෙන් මෙහෙන් සිද්ධාලේප තලියකුත් ගා ගත්ත. දැන් නම් මං නිකං හන්දිපත් ආමාරුව තියෙන එකෙක් හානයි . මුලු මාවම බාම් ගදයි. අභී අයියා උම්මා දෙන එකකුත් නැ.
ඒ අස්සෙන් අනික් උන් ගෙ මේස්. උන් එව්ව දුම්කොල වතුරෙ පොගෝලලු. කන්ද නැගල ඇවිත් බස් එකේ ඕව ගලවද්දි. සැක් දාඩිය දාලා එතන වසන්න බැරි වෙන තරම් ගද වෙයි.
කට්ටිම ඕන් කන්ද නගින්න ගත්තා. දිවියො ඉන්න සීන් එකක් කිව්ව කලින් ආපු එකෙක්. දැන් ඉතින් යමන් කො මර බයේ. බෝඩ් එකකුත් ගහල තිබ්බ තමා හැබැයි. ඒ හින්දා බොරු වෙන්නත් බෑ. සද්ද නොකර කලබල නැති ව සෙට් එකම එකට ගියා නම් හරි තනි වෙන්නැතුව. කපල් නෙ යකෝ වැඩේ. මුන්ට බිම ඉදලම හති. ඔහොම නම් බෑ.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...