20.මට සමාවෙන්න රත්තරන්!

460 40 11
                                    

උඩට යන්න යන්න මීදුමත් වැඩී. එහා පැත්තෙ ඉන්න එකාවත් පේන්නැති සයිස්. පිනි වැටිල ඔලුවත් තෙත බරිත වෙලා නාලා වගේ. ඒ උනත් අමාරුවෙන් හරි ගිහින් බලන්නම ඕන විව් එකක් ඒක. අපිට ගමනාන්තයටම යන්න බැරි උනා. මොකද හවස 4 විතර උනා ඒ ටික නගිද්දිත්. ඉටපස්සෙ අපි තීරණය කලා ඒ හරියෙ ඉදන් සින්දුවක් එහෙම කියල බැජ් ෆොටෝ එක ගන්න. බැජ් දෙකක් නෙ. එහෙමයි කියල දෙකට බෙද බෙද ඉන්න බෑ. ඔක්කොමල්ලා එකට ඉදල ලොකුම ලොකු බැජ් පොටෝ එකක් පුළුවන් විදිහට ගහගත්තා.

"ගායිස් අපි පහලට යමු එහෙනම්.. අපි යද්දි ටිකක් කලුවර වෙයි. "

අපි ඒක දන්නව යකෝ. මේ ශාක්‍ය නම් ටිකක් ලීඩර් කම ඔලුවට අරන් වගේ. කමක් නෑ ඔහොම ඉදපන් කො. ට්‍රිප් එකට විතර නෙ උබ ලීඩර්. අභි අයියගෙ බැල්මෙ තිබ්බෙ ඒ වගේ තේරුමක්.

කොහොමෙන් කොහොම හරි හවස හයහමාර වගේ වෙද්දිත් අපි බැහැල ඉවර නැ. ඒත් තව ටිකයි. අපි සෙට් එකේ මුලින් ම වගේ හිටියෙ. මං තව ටිකයි කියල හිත හිත කාගෙන බැහැගෙන බැහැගෙන යද්දි කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා අපි තනි උන වෙලාවක් බලල අභී අයියා මගේ අතින් ඇද ගෙන පයින් ගස් යායෙ අස්සෙන් පොඩ්ඩක් එහාට්ට ගියා . (එව්ව්)

"කොහෙද යන්නේ "

"ශ්... කෑ ගහන්න එපා සිතෙව් , මං අතවර කරන්න නෙවෙ යන්නෙ"

"ඕක හැමදාම කියන්න ඕන්නැ. මං එහෙම නෙවෙයි අනේ හිතන්නෙ."

"නෑ එහෙම හිතන්න. එහෙම උනොත් එහෙම "

"අනෙ අයියෙ මේ !"

මං ආයෙම කට්ටිය යන පාර දිහාට්ට එන්න හදද්දින් අභි අයියා මාව එයාගෙ පපුව ට තද කරල තුරුලු කරගත්තා. මේ සීතලේ එයාගෙ පපුවෙ රස්නෙ මගෙ පිටට දැනුනා .

"මගෙ රෝස මල.. ම්ම්හ්.."

"මොකද මේ..?"

මං ඇහැව්වෙ මගෙ සීතල උන බෙල්ල දිගේ යන අභි අයියගෙ තොල් පෙති වල තෙත රස්නෙ ඕනවටත් වඩා දැනෙද්දි.

"ඔයාට ඇත්තටම ෆීලින්ග්ස් නැද්ද බේබි!"

මොනාද මේ අහන්නෙ. මං ඉවසන තරම දන්නෙ මං . හහ් ඔව්ව ඉතිං කියන්න ගියෑකි යැ. මං සද්ද නැති ව ඉදියා. දිවියො ඉන්නවද දන්නෙත් නැ. මාව ඇදන් ගියොතින් කාට කියන්න ද , මූ නම් දුවයි. ඒ කරල දන්නෑ දැක්කෙ නෑ වගේ ඉදී.

සුදු රෝස✅ [Nonfic BL💛💜️]Where stories live. Discover now