"හෙ- හෙලෝ"
"...."
මට නොදැනුවත්වම හුස්මකින් පවා අඳුනගන්න පුලුවන් වෙන තරමට බැඳිලා. එහා පැත්තෙන් ඇහෙන හුස්මෙ හඬින් දවස් ගානක් ගැහෙන්න ඕනේ නිසා ගැහුන පපුවේ වේගේ එක තත්පරෙන් වැඩි උනා. මේ දවස් ටිකට මට මේ හුස්ම කොච්චර නම් මගෑරුනාද කියලා දන්නේ මං විතරයි. ගැස්මකින් පවා මගේ පපුව මට දැනෙන්න ඉඩ දෙන්නේ ඔයා විතරයි.
විනාඩි කීයක්ද කියන්න දන්නේ නෑ. ඒත් වෙව්ලන කටහඬින් මං හෙලෝ කිව්වා ඇරුනම එහා පැත්තෙන් එයාවත් මේ පැත්තෙන් මමවත් වචනයක් කිව්වේ නෑ. මං වගේම එයත් මේ දවස් ගානට මගෑරුන අපි දෙන්නගේ හුස්ම අහගෙන හිටියා. වින්දා.
"මේන් රෝඩ් එකට එන්න"
විනාඩි ගානකට පස්සේ අවසානේ එයා කතා කළා.
"ම්"
"කවුරුවත් දැනගන්න බෑ"
"ම්"
"පරිස්සමෙන් එන්න"
"ම්"
"කලබලයක් නෑ"
"ම්"
"ලෙආන්"
"ය්-යුවී"
"සිහියෙන් එන්න දරුවෝ"
එයා හරි නිවුන කටහඬකින් කතා කරලා කෝල් එක කට් කළා.
දරුවෝ !
ඒ වචනෙ අහන්නේ කොච්චර කාලෙකට පස්සෙද මං? ඉර පායලා තිබ්බා නම් එයා මට කතා කළේ දවස් දහයකට පස්සේ. ඉක්මනින් කෝල් කරන්නම් කිව්ව එයා අවසානේ මට කෝල් කලේ දවස් නවයකින්. හ්ම්. කමක් නෑ. එයාට එයාගේම හේතු ඇති.අහස දිහා බලාගෙන මං හුස්මක් ඇතෑරියා. දැන් වෙලාව 2.28යි. මටම පුදුමයි දවස් ගානක් අහන්න බලාගෙන හිටිය කටහඬ ඇහුනම මට අහන්න කියන්න කිසිම දෙයක් මතක් නොවුන එක ගැන. ඊටත් වඩා පුදුම එයා එන්න කිව්වම මං හරි නම් දැන් පිස්සෙක් වගේ දුවන්න ඕනේ. ඒත් මට එහෙම කරන්න බෑ. මං අසීමාන්තිකව නිවිලා.
අහස දිහා බලාගෙන හිටිය මං බැල්කනි එකෙන් පහළ බැලුවා. නවයට විතර බැල්කනි එකට එනකොට හිටිය කෙනා තාම පහළ ඒ විදියටම එතන ඉන්නවා. කවුරු මොන හේතුවකට මෙතනට එහෙම කෙනෙක් එව්වද කියන්න මං දන්නෙ නෑ. ඒත් දැන් මං යන්න ඕනේ කාගෙත් ඇස් වහලා. 'කවුරුවත් දැනගන්න බෑ' කියලා කිව්වේ සමහරවිට එයා දන්නවා ඇති මගේ වටෙත් වෙන දේවල් ගැන.
YOU ARE READING
Us, Again || 🥀✨️
Fiksi Penggemar𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ...