24 𝚃𝙷 𝙲𝙷𝙰𝙿 🖤

134 24 1
                                    

ඝණ කැළෑවකින් වට වුන බිල්ඩින් එකක් ඉස්සරහ නැවතුන කලු පාට කාර් එකෙන් බැස්සේ යුංගි එක්ක නම්ජුන් ජැක්සන් දෙන්නා... කැම්පස් එක ඇතුලේ සාමාන්‍ය ඒත් කැපී පේන වගේ ම පිස්සු කෙලින කොල්ලො තුන් දෙනෙක් වුන මේ තුන් දෙනා මේ බිල්ඩින් එක ඉස්සරහ හිටන් හිටියෙ නං අමුතුම චරිත තුනක් විදිහට... කිසිම කෙනෙක්ට අදුරගන්න බැරි විදිහට කලු මාස්ක් කලු කැප් වගේම කලු පාටම කිට්වලින් සැරසිලා හිටිය කොල්ලො තුන් දෙනා කියා ගන්න බැරි තරම් ගුප්ත වුනා වගේ ම තියුණු වුණා.

වටේ ම බලපු නම්ජුන් බිල්ඩින් එක දිහා බලාගෙන විස්ල් එකක් ගැහුවා. ඒකෙන් විනාඩි ගානක් ඇතුලත බිල්ඩින් එකෙන් පිටතට ආවෙ ඔවුන් වගේ ම කලු පාටින් ම සැරසුන මිනිස්සු කීප දෙනෙක්.

කොල්ලො තුන් දෙනාට ආචාර කරපු ඔවුන් කාර් එකේ ඩිකිය ඇරලා එලියට ගත්තේ හෝ ගාල දගලන මනුස්සයෙක්ව. එයාගෙ ඔලුව ගෝනියක් දාලා වගේ කවර් කරලා තිබුනා.

" ඇතුලට අරං ගිහිං ගැට ගහලා දාපං.. පැන ගන්න බෑ..."

ජැක්සන්ගෙන් පිට වුන වචන එක්ක ජැක්සන්ට ආචාර කරපු ඔවුන් දගලන මනුස්සයවත් අරගෙන එතනින් යන්න ගියේ කොල්ලො තුන්දෙනා කට කොනට ගත්ත හිනාවක් එක්ක මේ දිහා බලාගෙන ඉද්දි.

" මුගෙ අප්පා..."

" ම්හ්... ඊළග බිල්ල... ඌත් වැඩේ ලේසි කරොත් ගොඩ..."

නම්ජුන් අහද්දි යුංගි උත්තර දුන්නෙ නම්ජුන් දිහා බලලා හිනා වෙන ගමන්.

_______

" බේබි අපි යන්න ඕනි දැං..."

" අනේ කූ... තව චුට්ටක් ඉමුකෝ..."

ජංකුක්ගෙ පපුව උඩට වෙලා තවමත් නිරුවතින් ඉන්න ටේ කියද්දි ජංකුක් ඒ හිස්මුදුනින් ආදරෙ පිරුණු හාදුවක් තිබ්බා.

" මැණික..."

තමන්ගෙ පපුවට හේත්තුවෙලා ඉන්න ටේගෙ කොණ්ඩ කෑල්ලක් ඒ කන් පෙත්ත පිටිපස්සෙන් හංගන ගමන් ජංකුක් කතා කලේ ඒ ඉන වටේ තිබුන තමන්ගෙ අත් තව තවත් තද කරන ගමන්.

" හ්ම්ම්... කුකී...."

" මං හදිස්සි වුනා වැඩීද මැණික...."

" කූ... අනේ ඇයි මේ...."

තද කලු ඇස් ඇතුලෙ පසුතැවෙන සේයා පටල තමන්ගෙ ඇස්වලට අහු වෙද්දි ටේ ඔලුව උස්සලා ජංකුක්ගෙ මූණ තමන්ගෙ දෝතට ගත්තා.

" මැණික... මං කියන්නෙ ඔයා තාම යුනි එකට ආවා විතරයි... නැත්තං වෙන ප්‍රශ්නයක් මට නැහැ... ඔයාගෙ පවුලෙ අය..."

" කූ මගෙ පවුලෙ අය ගොඩක් හොදයි... ඔයාට බය වෙන්න මුකුත් නැ..."

" මම බය නෙවෙයි බබා... ඔයාගෙ පවුලෙ අය මට ඔයාව දෙන්න බැ කිව්වත්... ඔයාව බලෙන් අරං යන ජාතියෙ එකෙක් මම... මට හිතුනෙ ඔයාට අවුල් ඇති කියලා... මේ හැමදේම හදිස්සියෙන් වගේ නෙ වුනේ..."

නිරුවත් ටේව තමන්ගෙ නිරුවතට තද කරගන්න ජංකුක් වචන ඇහිලුවෙ තමන් ගැනම තියන විස්වාසය එක්ක.  ජංකුක් කියනවා වගේ ටේගේ පවුලෙන් ඒ අයගෙ ආදරේට මොන බාදාවක් ආවත් ජංකුක් කියන්නෙ මගින් හැරෙන කෙනෙක් නෙවෙයි. හරියටම කිව්වොත් ජංකුක් ගැන ටේ හරියට ම තවම දන්නෙ නැ.

සම වැදුන ගානට ටේගේ දේව රූපයක් හා සමාන රූපෙ තමන්ගෙ ඇස්වලින් ම වින්ද ජංකුක් ටේගෙ මූණ බෙල්ලත් කන් අතරිනුත් අත තියලා ඒ මුලු මූණම චූටි චූටි බටර්ෆ්ලයි කිසස්වලින් නෑව්වා.

" අනේහ්... කූහ්.. මට කිචි..."

ටේ ජංකුක්ගෙ පපුවට අත තියල ඈත් වෙන්න උත්සහ කරන ගමන් කෑගැහුවෙ දැනෙන පහසට හිනාවත් නවත්ත ගන්න බැරුව.

" බේබි ඔයාගෙ කූගෙ චූටිකම ඔයා දැනගත්තද... "

ජංකුක් කට කොණකට ගත්ත හිනාවකින් අහද්දි ටේ ජංකුක්ගෙ පපුවට අත මිටි කරලා පොඩි ගුටියක් දීලා ඒ පපුවටම ආය තුරුල් වෙද්දි, ජංකුක් කාර් එක පුරා වැටිලා තිබ්බ ටේගෙ ඇදුන් අරං ටේට අන්දවන්න පටන් ගත්තා.

________________





මේක ඉක්මන්ට ඉවර කරනෝ ප්‍රොමිස් 😌
ඇතිනෙහ්

вαву gιяℓ 🖤💫Tempat cerita menjadi hidup. Temukan sekarang