අපි එද්දි පාන්දර 1 විතර උනා. වැස්සත් එක්කනෙ. බස් එක ගාට ගාට තමා ආවෙ අනික් බස් අපිව පහු කරන් ගියා. ඉතිං අපි එද්දි හිතුවට වඩා රෑ උනා.
කොයිතරම් වෙලා එකට ඉදියත් එන කල්ම අභී අයියා මං එක්කලා කතා කලේ නැ. උදේ එද්දි වගේ ආදරෙන් මට ලං උනෙවත් නැ. සීතලේම පස්සට වෙලා සිට් එකට ඔලුව තියාගෙන නිදාගෙන ආවා. මං හිතන්නෑ එයාට නින්ද ගිහින් තිබ්බා කියල. මාත් ජනේලෙ පැත්තට හැරිලා පාරෙ යන වාහන දිහා බලන් ආව.
බහින්න යද්දි මට එයාගෙ කටහඩ ඇහුනා. එයා හිමින් කිව්ව මලානිකව.
"පරිස්සමෙන් යන්න සිතෙව් "
එයා කිව්වෙ එච්චරයි.
මං ගෙදර එන්න කලින් අනුධ ඇවිත් තිබුනා. එයාලගෙ බස් එක අපිට කලින් ඇවිත්.
"ඕයි සිතෙව් ! උබල මොකද අර කැලේ අස්සෙ ඉදන් ආවෙ ?"
මං ගෙට ගොඩ වෙනවත් එක්ක ඌ ඇහුවෙ ඒක. එවෙලෙත් කව්දෝ ඔය ප්‍රශ්නෙ ඇහුව මතකයි මට. එවෙලෙ වැස්ස නිසා මොකා ද බලන්නැතිව අපි දුවගෙන ආවානෙ. ඒ නම් අනුධ ය තමා. එක අතකින් වෙන එකෙක් නොවී මූ උන එක හොදයි.
"චූ දාන්න ගියා.😒"
මං ඌව ගනං ගන්නැතුව කියල ඇරියා. සාරාත් එක්ක හුරතල් වෙලා වෙලා දැන් තමා ඌට මට ගැන හොයන්න මතක් වෙලා තියෙන්නෙ. හහ්.
"උබල දෙන්නට ම එක පාර "
"ඔව් ඇයි.?"
"හ්ම්..හ්ම්.. හාකො.. කමක් නෑ ඉතිං. නැතතන් තනියම ඇරල අභි අයියගෙ දිවියෙක් කඩන් ගියොත් එහෙම උබට නෙ පාඩු නේහ් ?"
මං ඌ ගාවට ගිහින් උගෙ කලිසම පාතට ඇද්දා යට කලිසම විතරක් ඉතුරු වෙන්න.
"ආර්හ්.... කොටෝ..."
ඌ මාව අල්ලගන්න කලින් මං ගිහින් කාමරේට රිංගත්තා. ඌත් එක්ක විකාර කර කර ඉන්න බැ. පාන්දර 2 ටත් කිට්ටුයි. වොශ් දාලා නිදාගන්න ඕන. ට්‍රිප් ගියාට අර කණ්ණාඩි පොලගගෙ ලෙක්චර්ස් තියෙනවා උදේ ම.
වොශ් දාගෙන ඇවිත් සනීපෙට ඇදට පැනලත් නිදාගන්න කලින් මං බැලුවේ අභී අයිගෙන මැසේජ් එකක් තියෙනව ද කියල. මැසේජ් එකක් තියා අයියා ඔන්ලයින් ඇවිල්ලත් නැ.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...