"අකී...අකියෝ...අනේ ඇහැරෙනෝකෝ වස්තුවේ...."
මගේ වදකාරි....එලාම් කීයක් වැදුනත් ඒවා නෑහුන ගානට මම ආය ආයම ඇස් පියන් නිදාගන්න එකම හේතුව ....
ඇත්තටම කවදා ඉදන්ද මම මේ තරමට උඹට ඇබ්බැහි උනේ කියන්න මම අදටත් නොදන්නවා උනත් දන්නවා දවසක මේ ඇබ්බැහියම මාව නොමරා මරන්න යන විත්තියත් මම...
ඒත් දවසක නොමැරි මැරුනත් මොකද උඹ ළඟ ඉන්න තත්ත්පරේ මෙහෙම සතුටින් ඉන්නවා මිසක් මට කොහෙන්ද අයිතියක් මගේ කියන් උඹෙි ආදරේ විදින්න..දැනටමත් ඔය හිත හැඩි දැඩි පිරිමි පපුවකට වහ වැටිලා ඉද්දි කොල්ලෙක් වෙන්නම ගිහින් අවාසනාවකට කෙල්ලෙක් උනු නිසාම පිරුණු පපුවක් එක්ක හුස්ම අල්ලන මා එක්ක එහෙම බැඳීමක් ගෙනියන්න උඹ කොහොම කැමති වෙන්නද...
ඉතින් සදහටම උඹ මේ ලෝකෙ මට වටිනම පිච්ච මල වෙද්දි මට වෙන්න උනා නාහෙට අහන් නැති උඹෙි හොඳම යාළුවා ...
"අකියෝ...අනේ මං දැන් උඹව බිමට තල්ලු කරනවා හොදේ නැගිටිනෝකෝ...."
එයා ඔය කෑ ගහන්නෙ බොරුවට ...මල කෝලම මගේ නොවුන මගේ මැණිකගේ...
"සුදු මැණික ඇහැරපන්කෝ...හොද ළමයනේ ඉතින් මගේ..."
ඔය තියෙන්නෙ..මුලින් ඕක කිවුවා නම් මක් වෙනවද...ලොකුකමනෙ මේකගේ...ඒ නිසාමයි ඇහුන නෑහුන ගානට ඉඳන් ඔය වචන ටිකට විතරක් හැමදාම උදේට මම ඇස් අරින්නෙ...එයත් නොදන්නවා නෙමේ..ආදරෙන් කතා නොකළොත් මම ඇහැක් අරින්නෙ නැති විත්තිය...
මං හෙමින් ඇස් ඇරියා...
"වස්තුවේ අනේ මේ දානෝකෝ මට ඒක තනියම දා ගන්න බෑනේ..."
ඇහැරුනු ගමන් නිදිමත ඇස් දෙකෙන්ම එයා දිහා බලද්දි මගේ ඇදේම පැත්තක වාඩි වේගෙන එයා මට කිව්වෙ මට පිටුපාන ගමන්...
ලා නිල් පාට ලස්සන චූටි ගවුම...අත් කොටට උඹේ ලසිසනත් ඕකට පේනවා වැඩි බං..උඹ ලස්සනට ඉන්නවට මං ආසා කලත් මම කැමති නෑ ඔය ගවුම නිකමටවත් දකින්න එහෙව් එකේ උඹ ඒකම ඇදගෙන මගේ ඇස් ඉස්සරහා උදේ පාන්දරම...ඔව්නේ ඉතින් ඔය උඹ ඌ දුන්න ගවුමම ඇදන් හැඩ වෙන්නෙ හරි සතුටෙ හිනා වේගෙන අද ඌ උඹව කැම්පස් එක්ක යන්න එන හන්දනේ...
රෝස පාටට හුරු සුදු පාට පිට මැද්දෙන් පහලටම යනකම් ඇරුණු ශිපර් එකෙන් මට උඹෙි පිටෙි පොඩි කොටසක් නොවෙන්න ඉතිරි සේරම පේනවා...
තද නිල් පාටට හුරු උඩු යටි ඇඳුමේ පුංචි තීරුව පිට මැද්දෙන් හරස් අතට දුවද්දි අනේ මට හාදුවක් තියන්නම හිතුනා බං එතනට...
මගේ උනා නම් උඹ ... අගලෙන් අගල හෙමින් සීරුවට විඳිනවා බං මගේ කියන් පපුවෙ තියාන පරිස්සම් කරගෙනම...
"අකී දාන්නකූ...දැන් ශෙනුල් ඇවිත් හොන් කලාම නොගියොත් එයා බනින්න ගනීවි..දන්නවනේ කොච්චර ආදරේ උනත් වෙලාවට වැඩ නැති උනාම මට බනින විදිහ උඹ..."
"අනේ ඔය හැටිම ඌට අමාරුව නම් යන්න කියපන් ...මට පුලුවනි උඹව එක්ක යන්න..."
මං කීවේ ආපු තරහට..මේ රෝස මලට බනින්න තරම් ඌ ආදරේද ඇත්තටම උඹට..ආදරේ ඇති.
ඒත් මං තරම් නැතුව ඇති...එච්චරයි මැණික මං දන්නෙ..."අනේ අකී...උඹ දන්නවනේ එයාව දකින්න මම පෙරුම් පුරන තරමක්...මට හරි පාළුයි බං එයා නැතුව...ඉතින් උදව් කරපන්කො මට...එයාව තරහා නොගස්සා ඉන්න..."
අනේ උඹේ වචන...ඒවට මගේ පපුව කීරි ගැහෙන තරම උඹ දන්නවා නම්...මං මොකුත් නොකියාම ශිපර් එක දාලා ඒ සුදු පිට නොවැහෙන්නම තද කලා...මේක ඌ ආයම අරීවිද මට දෙන්න ඕනා උනු හාදු ඌ තියාවිද මාව ගිනිගන්න වගේ ආවත් උඹේ සතුට ඌ ගාව හන්දම මොකුත් නොකියම එයා ආයම කන්නාඩි මේසේ ගාවට දුවද්දි මම වොෂ් රෑම් ගියා...
"අකී ශෙනුල් ළගම එනවලු මම පහළට යනවා...තේ එක මේසේ උඩ ඉක්මනට ඇවිත් බොන්න හොදේ...කෑම කැම්පස් එකේදි කමු...ටටා පාස්සමෙන්..."
වොෂ් රෑම් මම විනාඩි පහකට වඩා ඉන්න නැතුව ඇති.එක හුස්මට කියන් එයා යන්න ගියා එයාගේ බඹරව හොයාගෙන...
හෙමින් වොෂ් එකක් දාන් එද්දි එයා හදපු තේක නිවිලා තිබුණත්.එක හඅස්මට ඒකම බීවේ තව මාස කීයද මට මෙහෙම උඹ ගාව ඉන්න ලැබෙන්නෙ හිතන ගමන්..සදහටම උඹ උගේ වෙන්න තව මාස තුනනේ..එන්ඩ් එක්සෑම් තව මාස දෙකකින් ඉවර උනාම උඹ මේ ගෙදරින් යන්න යාවි...මම ආයම තනි වේවි.
.......................................................................................* දිනයක් ඒවි තව දුරටත් අන් අයට වඩා වෙනස් වූවන්ට මේ ලෝකයෙන්.සැඟවීමට සිදු නොවෙන..*
එතෙක්....🥰❤️
YOU ARE READING
💙Feel For You💙
Non-Fictionඅයිතියක් නැති ආදරයක්... ලෝකයෙන් ඉඩක් නැති බැඳීමක්.. ඉතින් මේක වේදනාවක්...💙