නවවන අඩිය ~

133 17 2
                                    

"ආනේ එහෙමද .... මට ඔයාගේ අම්මත් එක්ක කතා කරන්න ආසයි ... අද ආවේ නැද්ද .... අදනේ එන්නම ඕනේ ... "

මගේ හුස්ම හිර වෙන්න වගේ ... මං මං මොකක්ද කියන්නේ ... හිනාවෙන්නද ..... අඬන්නද ... මං මොකක්ද කරන්න ඕනේ ....

" පුතා .... මහී .... "

මං හිතන්නේ මාව නැවතුනා ... වෙන ලෝකෙකට ගියා .... අම්මා තාත්තා ඔයාලා කොහෙද .... මං ... මං මේ ල්-ලෝකේ තනිවෙලා නේද ... ම්-මං අසරණයි ....ඇ- ඇයි මගෙන්ම මෙහෙම ප්‍රශ්න අහන්නේ .... ඇයි ඒ .... අනේ .....ඒ ආන්ටි දන්නේ නෑ ..... ඒත් ඒත් තව ඉස්සරහට කී දෙනෙක් මේ විදියට ආහාවිද .... මං අනාථයෙක් කියලා කියන්නේ කෝමද ..... අම්මා තාත්තා කොහෙද කියන්න දන්නෙ නැති නිකමෙක් කියන්නේ කෝමද ....ඇයි මෙහෙම උනේ ..... ආන්ටි දිහා බලාගෙන වෙන ලෝකෙක අතරමං වෙලා හිටිය මාව මේ ලෝකෙට ඇදිලා ආවේ කවුරුහරි මගේ පිට අතගානවා දැනෙද්දී ....... බාප්පා ...... පුදුමයි මට කඳුලු ඇවිල්ලා නෑ.....මං එහෙම්මම බාප්පගේ මූණ දිහා බැලුවා .... එයා හිනාවෙනවා ... හරියට මං ඉන්නවා ඔයාට කියන්න වගේ

"එයාලා ආවේ නෑ ..."

බාප්පා උත්තර බඳිද්දී මං නිහඬව බිම් බලාගත්තේ ... මං කතා කළොත් අනිවා කඳුලු එන නිසාමයි ..... මං හිතන්නේ එයාලා ඒ උත්තරේ පිළිගත්තා .....ඒත් එක්කම මට මතක් උනේ එදා සශේන් අයියා මගේ අම්මා ගැන කියුව දේවල්

"ඔයා මගේ අම්මව දන්නවද ...."

"උඹේ අම්මව නොදන්නේ මොකාද ... තෝ විතරයි දන්නේ නැත්තේ නිකමා ... තෝ කෝමත් කාලකන්නියෙක් තමා ... අපේ පව්ල කන්න ආව කාලකන්නියා ... තොගෙ අම්මත් එකයි තෝත් එකයි ... එදා උඹේ අම්මා ආවා අද උඹ .... "

" මගේ අම්මා .... නරක කෙනෙක් නෙවෙයි "

" උඹ කොහොමද එහෙම කියන්නේ ... මං විතරයි ඒ ඔක්කොම ඇහුවේ දැක්කේ අඩුම මගේ නංගිලා හිටියෙත් නෑ .... උඹ බඩේ එතකොට ... උඹේ අම්මා නටන්න පුළුවන් ඔක්කොම නාඩගම් ටික නටලා උඹවත් අපිටම දීලා තමා ගියේ ... කරුමක්කාර වේ#&ස ගෑනි ... ශිට් "

එච්චරයි .... එයා කියුවේ එච්චරමයි ඒත් මගේ හිත .... ඒ වචන...... මාව බින්ඳා හරියට වීදුරුවක් කෑලි කෑලි කුඩු වෙලා විසි වෙලා යන්න පොළොවේ ගැහුවා වගේ .... මගේ අම්මා එහෙම නෑ ... මට විශ්වාසයි ඒක ..... අම්මට මොකක් හරි හේතුවක් ඇති ඔව් .... එහෙම වෙන්න ඇති .... තාත්තාටත් මොකක්මහරි හේතුවක් තියෙන්න ඇති .... නේද .... මං එහෙම හිතන්නන් නේද ....... කවදහරි හොඳක් වෙයි නේද ....

_~ අහස් රාගය ~_Where stories live. Discover now