Continuing POVමල ජූලියයි. මේක හරියන වැඩක් නෙමෙයි. මොනවද මෙතන වෙන්නේ. මූ මේකිට කැමති නැද්ද? අර ගෑනිත් කන්ෆියුස් වෙලා මේ ෆීලික්ස් කියන එකා දිහා බලාගෙන හිටියා
Silvia - මම හිතුවෙ උඹ මේකිට ආදරෙයි කියලනේ
Felix- මෙයාට? ලෝකෙ අන්තිම ගෑනි වුණත් මම නම් මෙයාගෙ මිනිහා වෙන්නෑ ඇත්තමයි
අර මායාකාරි හින්ට් එකට හිනාවුණා. ඕකා ඔය කියන්න පට්ට පල් බොරු. මම දැක්කෙ නැද්ද මුගෙ පැණි මූණ
මේ කොටි පැටියා එක්ක බෑ තව පුරු පුරු ගානවා. මුගෙ ජීවන සුවදත් ඉවසගෙන ඉන්න එපැයි. ආපහු යන්නත් හිතෙනවා. ඒත් මේ වගේ ආතල් හැමදාම නෑ හැමතැනම නෑ
මම ෆෝන් එක බැලුවා. කරුමෙ තමයි. ඒකෙ මෙච්චරයි වැටිලා තිබ්බෙ
ඕක තමයි ජීවිතේ. මොකක්හරි වරදිනවා. මං වගේ ජීවියො වැරදිලානෙ ඉපදින්නෙ ඉතින් මෙව්වා මොනද? අම්බානකට signal නෑ. මෙහෙ මොන signal ද ඉතින්
Silvia - කාටද ඔය බොරු කරන්නෙ Felix? මම තමුසෙ ගැන හොදට දන්නවා. මම උඹට මේකිව එකපාරමයි ගේන්න කිව්වෙ. ඒත් උඹ? මාසයක් එයත් එක්ක හිටියා
Felix- ඒ ඉතින් එයා මට එන්න දුන්නෙ නැති හින්දනේ
Silvia- හුම් ඒකත් එහෙමද? ඇත්තටම මම නෙමෙයි තමුසෙට මෙහෙම කරන්නේ
මොකක්ද ඒ කියපු එකේ තේරුම.කියන එක දෙයක්වත් මට තේරෙන්නෑ. ගණන් පේපරේ ගණන් තේරුම් ගත්තෑකි මෙතන වෙන මල කෝලම් වලට වැඩිය
මට විතරක් නෙමෙයි ඒ යකාට තේරිලත් නෑ. අර Yongbokie කොහෙද? එයා නැතුව පාළුයි අනේ. තනියට හිටපු කෙනත් කෙල්ලට දීලා හිටියනේ. නැත්තම් බොමියා වෙනුවට හොද යාළුවෙක් හොයාගන්න තිබ්බා
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?