ඉස්කෝලෙ ෆ්‍රී පීරියඩ් එකක; මෙහෙමයි, වැඩි හරිය ෆ්‍රී තමා කොහොමත්, අපෙ ඉස්කෝලෙ ටීචර්ලට අපිට උගන්නනවට වඩා වැඩ කොච්චර තියෙනවද!
ඇයි හිතුණ හිතුණ වෙලාවට නිවාඩු ගන්නයි, ඈත දුර බැහැර ගමේ ගිහින් එන්නයි, බෝයිෆ්‍රෙන්ඩ්ව බලන්නයි, ටවුන් එකට යන්නයි අරකයි මේකයි... ඇයි බහුතරේ අපෙ ගමේ ඉස්කෝලෙට එන්නෙ අලුතෙන් දුෂ්කර සේවෙට පත්වීම් හම්බුණ පොඩි ටීචර්ස්ලා... ඒ කට්ටිය උගන්නන ඒවා අහන් ඉන්නවට වඩා හොඳයි ෆ්‍රී පීරියඩ් එකක රාග තාල අල්ලලා බජව්වක් දාන එක!
බජව්වක් පටන් ගන්ට කියලා මං නමෝ විත්තියෙන් ඩෙස් එකක් උඩට ගොඩ වුණා විතරයි!
"රංග!"
මං දඩබඩාස් ගාලා ඩෙස් එකෙන් බිමට පැන්නෙ ඒ කිට්ටුවම තිබුණ පුටුවකුත් පෙරලගෙන!
ආව්වා කොන්ද! විනයබාරද යකෝ මෙච්චර හයියෙන් බෙරිහන් දෙන්නෙ!
කොහොම හරි මං වැටුණ පාර මොකෙක්වත් නැගිට්ටවන්න ආවෙ නැත්තෙ කරුමෙට!
කෝ මේ බණ්ඩා! අම්මපා අර ඉන්නෙ රුයිතෙට ඉඳගෙන කෙල්ලෙක්ගෙ ඔඩොක්කුවේම! මොන ප#ක් කරනවද මන්දා මේ අතිජාත මිත්‍රයා පස්ස බිම ඇනගෙන ඉන්නකොට ඒකා හොඳට- මං කියන්නෑ ඉතින්...
මගුල පේන්නෙත් නෑ මොකා පන්තියට ආවද කියලා...
නැගිටිනවද, මෙහෙමම ඉන්නවද!
හිතන්න වැඩි වෙලාවක් තිබ්බෙ නෑ, සුදු දුග කලිසම ඇඳලා කළු සපත්තු දාපු උස කකුල් දෙකක් මගෙ ඇස් මානෙට අහුවුණා...
අප්පොච්චියේ! දෙයියොවත් බලන්නැත්තෙ ඇයි මට!
නිලමෙනම් වෙන්නෙපා දෙයි හාන්දුරනේ!
මේකා හෙන වාතයක් වුණානෙ!
"රංග!" හරිනෙ, ඔය ඇහෙන්නෙ කටහඬ! මහ කුමාරිහාමිගෙ රෝස කැකුල සම්ප්‍රාප්ත වෙලා...
මං තව චාටර් වෙන්නත් බැරි හින්දම දඩිබිඩියෙ නැගිටගත්තෙ මොකටත් වඩා නම්බුව වැදගත් නිසා...
"අහ් පොඩි නිල- පසඳුල් අයියෙ, කියන්න... මොකක් හරි උවමනාවක්ද?" මං මහ ගොන් පාට් හිනාවකුත් දාලා පොඩ්ඩක් එළියට පැනලා තිබ්බ ෂර්ට් එකත් තියෙන එකම දිග සුදු කලිසමට යට කරලා අවුල් වෙච්ච කොණ්ඩෙත් හදාගෙනම ඇහුවා...
ESTÁS LEYENDO
ලන්දේ උකුල උඩ | Sinhala BL
Ficción Generalපොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පස...