අනුධ උදේ ම නැගිට්ටෙ එයාගෙ ෆෝන් එක රිංග් වෙන සද්දෙට. ඒ සිතෙව් කියල හිතුවත් කතා කලේ අභී.
"හෙලෝ අභි අයියේ."
"සිතෙව් කෝ අනුධ ? එයා කෝල් අන්ස්වර් කරන් නෑ ඊයෙ ඉදං. මං උදේ ගද්දි ෆෝන් එක ඕෆ් කරල "
අභී කලබලෙන් කියන් යද්දි අනුධ ගොලු වෙලා වගේ හිටියා.
"කියපංකො බං ... කතා කරපන්කො."
අනුධ ට තේරුනා නොකිව්ව කියල වැඩක් නැ කියල .
"එයා ගියා අයියෙ "
"ගියා ? කොහෙද ?"
"සීයා එයාව ගමට එක්කන් ගියා. "
අභී ටික වෙලාවක් මොකුත් ම නොකියා හිටියා. සිතෙව් ගෙ ආදරේ හිතේ සැනසීමේ හරි සනීපෙට විදින්න ගත්තා විතරයි . සිතෙව් එයාගෙන් ඈත් වෙලා යන්න ගියේ ළං උනාටත් වඩා ඉක්මනින්.
අභීට මොහොතකට හිතුනා එයා සිතෙව් ට හිතින් තනියම ම ආදරේ කලා නම් ඇත්තටම හොදයි නේද කියල. එයා නිසායි සිතෙව් ට සීයා එක්ක ගමට යන්න උනේ කියන එක අභීට තදින් ම හිතෙන්න ගත්තා.
"අභි අයියෙ.. ?"
අභී ආයෙම හරි කල්පනාවට ආවෙ ෆෝන් එකෙන් ඇහුන අනුධ ගෙ කටහඩට.
"මං ඔයාට පස්සෙ කතා කරන්න අනුධ. සිතෙව් කතා කලොත් කියන්න මං එයා කතා කරනකල් බලන් ඉන්නව කියල ."
"ම්ම්... හරි අයියෙ."
කෝල් එක කට් කරපු අභී එහෙම්ම ම සාලෙ සෙටියට බර වෙද්දි එයට දැනුනා එයා ලගින් තව කෙනෙක් ඉදගන්නව . කව්ද බලන්නවත් ඔලුව උස්සන් නැතුව අභී ඇගිලි තුඩු වලින් නලල පිරිමදිද්දී අම්මා කතා කලා.
"මොකක් හරි ප්‍රශ්නයක් ද පුතේ"
"සිතෙව් ව සියා ගෙදර එක්කන් ගිහින් අම්මෙ "
"ඒ දරුවගෙ සීයා දැනගෙන ද ඔය දෙන්නා ගැන ?"
"ඔව් අම්මෙ. ඊයෙ මං සිතෙව් ව ඇරලවන්න යද්දි සීයා ඇවිත් හිටියා"
"මට දැනුනා මයෙ පුතා ඊයෙ ඉදන් ප්‍රශ්නෙක ඉන්නෙ කියල. අපි හිමීට ඔය ප්‍රශ්නෙ විසදගමු පුතා. පොඩ්ඩක් ඕක ඔහොම්ම නිවෙන්න දෙන්නකො. ඒ දරුවගෙ සීයා කලබල වෙන්න ඇති. හැමදේම හරියයි. ඉන්නකො මං පුතාට බොන්න මොනාහරි අරන් එන්නම්."
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...