අභීයි අනුධ යි හොස්පිට්ල් රූම් එක ඇතුලට යද්දි සිතෙව් හිටියෙ තද නින්දක. එයාට තාම සිහිය ඇවිත් නැ. එතන කව්රුත් ම හිටියෙ නැති අනිසා අභීට සිතෙව් ගාවට යන්න බාධාවක් උනේ නැ. යේශාගෙ ඩැඩී කරන්න ඕන ට්‍රීට්මන්ට් වලට සිතෙව් ව යොමු කරල තිබුනා. එයත් ඩොක්ටර් කෙනෙක් නෙ. ඉතිං සිතෙව් ව නවත්තල තිබුනෙත් එයා වැඩ කරනම හොස්පිට්ල් එකේ.
අනුධ සිතෙව් ව බලල ගියා ඩොක්ටර් හම්බෙලා සිතෙව් ගෙ තත්වෙ ගැන දැන ගන්න. අභී සිතෙව් ළග නැවතුනා. ඇස්වල මතු උන කදුලු බින්දු වලට ගලා ගෙන යන්න නොදී අභී සිතෙව් ගෙ ඔලුව අතගෑවෙ හරිම පරිස්සමට.
ඒත් එක්කම එතනට ආවෙ යේශා.
"ඔයා කව්ද ?"
යේශා මීට කලින් අභී ව දැකල නැති නිසා අදුරන්නෑ. අනුධ ව නම් දැකල තියෙනවා.
"එයා අභී !"
ඒත් එක්කම රූම් එකට ආව අනුධ යේශාට උත්තර දුන්නා.
"අහ්... ඉන්න."
යේශ මොකක් හරි එකපාරට මතක උනා වගේ එයාගෙ හෑන්ඩ් බෑග් එකේ පොකට් එකකට අත දාගෙන මොනා හරි හොයන්න ගත්තා. සිතෙව් ගෙ ෆෝන් එක අනුධ ට දිපු යේශා දෙකට තුනට නවපු ලියුම් කඩදාසියක් අරන් ඇවිත් අභීගෙ අතින් තිබ්බා.
"මේ මොකක්ද ?"
"ඕක තිබ්බා සිතෙව් අයියගෙ අතේ. ඒක කියවන්න ගත්තත් මුලින් ම වෙන කෙනෙක් ගෙ නමක් තිබුන හින්දා මං කියවන්න ගියෙ නැ. "
"වෙන කෙනෙක් ගෙ නමක් ?"
"ඔව් .. ඒක ඔයාට "
අභී සිතෙව් එයාට ලියල තිබ්බ ලියුම දිගෑරලා හිමීට කියවන්න ගත්තා.
මගේ අභී අයියෙ..
මං දන්නෑ මේක ඔයා කියවද්දි මං මේ ලෝකෙ ඉදීද නැද්ද කියන්නවත්. අනික මට සමාවෙන්න ඔයා ඔච්චර කල් ආදරෙන් ලියුම් ලියලත් ඔයාට එක පිලිතුරු ලියුමක් වත් නොලියා අන්තිමට මෙහෙම ලියන්න උනාට. ඒත් මං ලියනව . පළවෙනි වතාවට වගේම අන්තිම වතාවට.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...