Alarm එකේ සද්දෙට ඇහැරුන ජියා ඉක්මනට alarm එක ඕෆ් කරලා බැලුවේ එයාගෙ චූටි මැනික නිදන් ඉන්න හැටි. අප්පගෙ අත් අස්සට වෙලා හරි හුරතලේට හාරි නිදන් හිටිය හැටි විනාඩි ගානක් බලන් හිටිය ජියා ඩුවට් එක ආයෙම ජන්ග්කුක් හාරි දෙන්නව වැහෙන විදියට හදලා ඇදෙන් බැස්සේ වොශ් දාගෙන කෙලින්ම කිචන් එකට යන්න.
ජියා කිචන් එකට එනකොට ඊයෙ වුන දේවල් මතක් වුනේ ජන්ග්කුක් හැමදේම රෑ පිලිවෙලට අස් කරල රූම් එකට ගිහින් තියන නිසා.
ජන්ග්කුක් තව ටිකකින් ඇහැරෙනව කියල දන්න නිසා ජියා මුලින්ම කලේ ජන්ග්කුක්ගෙ ටී එක හදපු එක. ටී එක හදල ෆ්ලාස්ක් එකකට දාලා තුන් දෙනාටම බ්‍රෙක්ෆස්ට් එකට ගන්න පෑන් කේක් හදපු ජියා ලන්ච් එකටත් කෑම හදලා ලන්ච් බොක්ස් වලට පැක් කලා. කෑම පැක් කරන අතරම ජන්ග්කුක් පහලට ආවේ එයාගෙ ටී එක බොන්න බලාගෙන. ඊයෙ රෑ දෙන්න අතර කිසිම දෙයක් නොවුන ගානට දෙන්නම සමාන්‍ය විදියටම හැසිරුනා. ඒත් දෙන්නගෙ හිත් වල නම් තිබ්බෙ ටිකක් කලබලකාරී බවක්.
"ගුඩ්මොනින් ජියා.."
"ගුම්මෝනින් ඔප්පා.."
"ජියා ලන්ච් එකටත් එක්කම කෑම හැදුවද."
"ඔව් ඔප්පා. මම එදා වගේම බොක්ස් වලට දැම්මා."
"හ්ම්ම් හරි. ජියා මගෙ ටී එක."
"ආ ඉන්න ඔප්පා."
ජියා ෆ්ලාස්ක් එකෙන් ජන්ග්කුක් ගෙ මග් එකට ටී එක දාගෙන ඇවිත් මෙච්චර වෙලා ඩයිනින් ටේබල් එකේ පුටුවක වාඩි වෙලා හිටිය ජන්ග්කුක්ට ගෙනත් දුන්නා.
"මම ගිහින් මැනිකව ඇහැවන්නම් ඔප්පා."
"පොඩ්ඩක් ඉන්න ජියා.."
ජියා යන්න හැදුවත් ජන්ග්කුක් ජියාව නතර කර ගත්තා.
"පොඩ්ඩක් මෙතනින් වාඩි වෙන්නකෝ ජියා."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...