ජන්කුක් හිමින් ඇස් ඇරියා... ජන්කුක් සුවපහසු ඇදක නිදාගෙන හිටියා... ඇස් පිල්ලම් ගහලා ජන්කුක් එක ඇහැක් ඇරලා බැලුවා... රූම් එක අඩ අදුරක තිබුනා... කර්ටන්ස් වහලා තිබුන නිසා ජන්කුක්ගේ ඇස් වලට ඉර එලිය ගොඩක් තදින් වැදුනේ නෑ... ජන්කුක් සම්පූර්ණ ඇස් ඇරලා රූම් එක වටේ බැලුවා...
ඊයේ රෑ ටේහ්‍යොන්ග් එයාගේ ගෙදරට එක්කගෙන ආවා කියලා ජන්කුක් දන්නවා ඒත් රූම් එක හරියට බලාගන්න ජන්කුක්ට චාන්ස් එකක් ලැබුනේ නෑ... ජන්කුක්ව ඇදෙන් තිබ්බ ගමන් ටේහ්‍යොන්ග් ඊලග රවුන්ඩ් එක පටන් ගත්තා... ජන්කුක් කී වතාවක් කම් වුනාද, ටේහ්‍යොන්ග් කොයි වෙලාවේ තමන්ගේ ඇග උඩින් අයින් වුනාද කියලා ජන්කුක්ට හරි අදහසක් තිබුනේ නෑ...
ඊයේ රෑ මතක් වෙලා ජන්කුක්ගේ කම්මුල් රත් වුනා... ජන්කුක් නැගිටින්න ගිහින් ඊයේ රෑ මතක් වෙලා ආයේ අනිත් පැත්තට හැරිලා මූණ කොට්ටෙට තද කර ගත්තා... "ඔහ් ගෝඩ්!" ටේහ්‍යොන්ග්ව කාර් එකේ රයිඩ් කරපු විදිය ජන්කුක්ගේ ඇස් වලට මැවිලා පෙනුනා... ජන්කුක් ඔලුව උස්සලා රූම් එක වටේ බැලුවා... ටේහ්‍යොන්ග්ට මූණ දෙන්නේ නැතුව පැනලා දුවන්න හිතුනා... ජන්කුක්ගේ කම්මුල් රතුවුනා...
දොර ඇරෙන සද්දේ ඇහුනම ජන්කුක් ඩුවට් එක ඇතුලට ගිහින් ගුලි වුනා... එන්නේ ටේහ්‍යොන්ග් කියලා දන්න නිසා ජන්කුක්ගේ මුලු ඇගම වෙව්ලුවා... ටේහ්‍යොන්ග්ට මූණ දෙන්න ජන්කුක්ට ලැජ්ජ හිතුනා...
"ඔහ් හැංගෙන්න දැන් පරක්කු වැඩි බේබි" ටේහ්‍යොන්ග් රූම් එකේ දොරෙන් ඇතුලට ආවා... ටේහ්‍යොන්ග්ගේ ගොරෝසු කටහඩ ඇහුනම ජන්කුක් තවත් ඩුවට් එක ඇතුලට ගුලි වුනා... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... ඩුවට් එක හෙලවෙනවා දැකලා ටේහ්‍යොන්ග් වතුර ග්ලාස් එකයි, පීල්ස් බෙඩ් කබඩ් එක උඩින් තියලා ඇදෙන් ඉදගත්තා...
"Petal" ටේහ්‍යොන්ග්ගේ හස්කි වොයිස් එකෙන් නැගිට්ට ගමන් ඒ නම කියවුනාම ජන්කුක් ඇස් වහලා ඇරියා... ජන්කුක් නොකිව්වට ටේහ්‍යොන්ග් petal කියන හැම වෙලාවෙම ජන්කුක්ගේ බඩ ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ හැගීමක් දැනෙනවා... "බේබි" ටේහ්‍යොන්ග් ඩුවට් එක ඇද්දා... ජන්කුක් කොට්ටේ යට මූණ හංග ගත්තා...
أنت تقرأ
what happen to the NERDY ||vkook||
أدب الهواة[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"