කියලා jungkook හිනා වෙලා choi මහත්තයට සමු දුන්නෙ ආයිත් choi මහත්තයව දකින්නවත් පුලුවන් වෙයිද කියලා හරියට දන්නෙ නැති නිසා. Restaurant එකෙන් එලියට බැහැපු jungkook ඊලඟට ගියේ soha ගෙ ගෙදර. ඉරිදා library එක වහලා නිසා අනිවාරෙන් soha ගෙදර ඇති කියලා හිතලා ගියා. Soha ගෙ ගේ ලඟට ගිහින් කිහිප සැරයක් දොරට තට්ටු කරත් කවුරුත් දොර ඇරියෙ නෑ. Jungkook ටික වෙලාවක් බලන් ඉඳලා soha ට call එකක් ගත්තා. ඒත් soha call එක answer කරෙත් නෑ. කිහිප සැරයක් jungkook soha ව contact කරගන්න හැදුවත් ඒක කරගන්න බැරි උනා. බැරිම තැන jungkook ආපහු හැරිලා ගෙදර ගියා. ගෙදර ගිහින් jungkook වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්තා. කොච්චර හිතුවත් එයාට මේකට විසදුමක් හොයාගන්න බැරි උනා. ඔය විදිහට jungkook හවස් වෙනකන්ම උඩ බලාගෙන ඔහේ කල්පනා කර කර හිටියා. සැරින් සැරේ jungkook ඔරලෝසුව දිහා බැලුවෙ කීයට හරි එයාට මේකට විසදුමක් හම්බ වෙයි කියන අදහසින්. හවස 4 ත් පහු උනා. වෙන කරන්නම දෙයක් නැති නිසා jungkook ලෑස්ති වෙලා ගෙදර දොර හොඳට වහලා පාලම ලඟට ඇවිදගෙන ගියා. එයා ගෙදරින් එලියට බහිනකොටත් 4:30 පහු. Jungkook හිමින් හිමින් ඇවිදගෙන පාලම ලඟට ආවා. එයා ගියේ පයින් නිසා එයාට යන්න ටිකක් පරක්කු උනා. පාලම ලඟට එනකොට 5:30 ටත් ලං වෙලා. දුර ඉඳන්ම jungkook දැක්කා පාලම ලඟ නවත්තලා තියෙන කලුපාට car එකක්. ඒ වගේම එයා දැක්කා jimin cigarette එකකුත් කටේ ගහගෙන පාලමෙන් එබීගෙන ගඟ දිහා බලාගෙන ඉන්නවා. Taehyung නුත් car එකේ ඉස්සරහා bonnet එකට හේත්තු වෙලා cigarette එකක් බිබී හිටියා. Jungkook ලඟට එද්දිම jimin jungkook ව දැක්කා. එතකොට එයා taehyung ලඟට ආවා. ඊට පස්සෙ taehyung jimin දෙන්නම jungkook ඒ දෙන්නගෙ ලඟට එනකන් බලාගෙන හිටියෙ කොටි දෙන්නෙක් ගොදුරක් ලඟට එනකන් බලන් ඉන්නවා වගේ. ටිකින් ටික jungkook ඒ දෙන්නගෙ ලඟටම ආවා. ඒත් taehyung jimin දෙන්නටම තේරුණා jungkook ගෙ ඇස් දෙක වෙනස් කියලා. කලින් තිබ්බ අහින්සක ඇස් දෙක නෙමෙයි දැන් jungkook ට තියෙනවා. ටිකක් නපුරු බැල්මක්. ඒකෙන්ම taehyung ටයි jimin ටයි තේරුණා jungkook මොකක් හරි ඕන්නැති වැඩක් කරලා කියලා.
Jimin : ආ..හ් ආවද?. ඔයා හොඳටම පරල්කුයි. 5:00 ට නේද එන්න කිව්වෙ?.
Jungkook : ඔව් මං එන්න ටිකක් පරක්කු උනා. මොකද මම ආවෙ පයින් මගේ ගෙදර ඉඳන් පොලීසිය ටිකක් දුරයි.
VOCÊ ESTÁ LENDO
Strawberry And Cigarette
FanficThe love that turned a demon into a man. Mafia top and poor bottom. Read and enjoy. 💜️