° CHAPTER 33 °

432 74 35
                                    

අද තමයි දවස!! මාසයක් තිස්සෙ කට්ට කාගෙන නැහුනේ අද දවස වෙනුවෙන්.. ඔව් අද අපෙ ස්කෝලෙ ස්පෝට් මීට් එක.. ඒ වගේම මං ස්කෝලෙ එන අන්‍තිම දවස.. ආයෙම මට ස්කෝලෙ කවදා එන්න පුලුවන් වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ.. මම දැන් මේ ඉන්නෙ පාර දිගේ ඔහේ ස්පෝට් බෑග් එකත් එල්ලගෙන ඇවිදින ගමන්..

ඊයේ දවස ගැන මතක් කරන්නවත් මං පොඩ්ඩක්වත් කැමති නෑ.. අයියා බැනලා බැනලා එයා උඩට ගියාට පස්සෙ මං කාමරේට ඇවිල්ලා දොර වහලා බිමට වැටිලා අඩ අඩ ඉද්දිම මට නින්ද ගිහින් තිබුණා.. වෙලාවට ෆෝන් එක සයිලන්ට් නොදා වයිබ්‍රේට් දාලා තිබ්බ නිසා පාන්දර 4ට ඇහැරුනා.. වැනි වැනිම බාතෲම් එකට ගිහින් නාගෙන එලියට එද්දි 4.45යි.. ස්කූල් යුනිෆෝම් එක අයන් කරලා හැගර් එකකින් ඒක එල්ලලා මගෙ ස්පෝට් බ්ලේසර් එකත් එලියට අරගෙන ඇද උඩින් දාලා තියෙන තරමක් බැජ් ටික ගැහුවා..

පස්සෙ බෑග් එකට බොටම් එකයි ටී එකයි ග්ලූකෝස් පැකට් දෙකයි ඉන්හේලර් එකයි බෙහෙත් ටිකයි දුවද්දි දාන සපත්තු දෙකයි ඔක්කොම දාලා ලෑස්ති කරලා පැත්තකින් තිබ්බා 5.00යි වෙලාව.. හිමීට දොර ඇරගෙන පහළට ගිහින් ස්ටිකී නෝට් එකක් අරගෙන නෝට් එකක් ලිව්වා.. ඒක කෑම මේසේ උඩින් අලවලා කුස්සියට ගිහින් සැන්විච් හදාගෙන බොක්ස් එකට දාගෙන කොෆි එකකුත් හදාගත්‍තා..

උඩට ඇවිල්ලා ෆෝන් එකේ මැසේජුත් බලලා ඒක සයිලන්ට් දාලා බෑග්ගෙට ඔබා ගත්තා.. 5.30යි 5.45ට මං යන්න හිතන් ඉන්නෙ.. ආයෙම කාමරේට ඇවිල්ලා බෑග් එකයි, බ්ලේසර් එකයි, යුනිෆෝම් එකයි, සපත්තු දෙකයි දාපු බෑග් එකයි අරගෙන මං පහළට ගිහින් හිමීට දොරත් ඇරගෙන එළියට ඇවිල්ලා පාරට බැස්සා.. ට්‍රැක් කිට් එකෙන් යන නිසා යුනිෆෝම් එක අඳින්න ඕන ස්ටේඩියම් එකට ගියහම..

මං ඔහේ පාර දිගේ ඇවිදගෙන බස් ස්ටෑන්ඩ් එකට එද්දි කෝල් එකක් ආවේ ජිමින්ගෙන්.. ඌ මං එනකම් බලන් ඉන්නවද කොහෙද මං ඉතින් හිමීට හිමීට එද්දි වෙලාව හරිනේ.

" හෙලෝ ජිමිනා කියහන්.. "

" මේ බං උබ වැඩිපුර බොටමක් දාගෙන ආවද.."

" ඔව් තව එකක් ගෙනාවා ඇයි උබට අමතක උනාද.."

" නෑ ඕයි මං තව ගෙදර මගෙ අනික් බොටම හෝදන්න දාලා උබගෙ එක අරගෙන එහෙනම් ස්ටෑන්ඩ් එකට වරෙන් මං තිබ්බා.."

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now