*තහ්ග්*
මොකක්ද ඒ උනේ ....
වැදුනා නේද ......
හත්තික්කේ අශෝ බබාගේ මූණ ඉවරයි ......
මං එයා දිහා බලද්දී එකපාරටම කොහෙන්දෝ ආව බෝලයක් හෙන සද්දෙන් එයාගේ කම්මුලේම වැදුනා .... හනේ දෙයියනේ ... ලස්සනට තිබ්බ කම්මුල් ... ඇඬෙන්නද මන්දා .... එයාට රිදුනා ..... මං බෝලේ ආව පැත්ත බලද්දී ඈත පොඩි කොල්ලෝ සෙට් එකක් අත්දෙකෙන්ම ඔලුවත් අල්ලන් බය වෙලා වගේ බලන් ඉන්නවා ..... අද උඹලා ඉවරයි .......
"මොන සිහියෙන්ද යකෝ තොපිලා සෙල්ලන් කරන්නේ .... වටේ පිටේ මිනිස්සු ඉන්නවා කියලා තෙරෙන්නේ නැද්ද .... පිස්සු බල්ලෝ වගේ කිසිම සිහියක් නැතුව සෙල්ලම් කරලා හරියනවද ... එහෙම කරන්න බැයිනන් ගෙවල් වලට පලයව්... බලනවා මුගේ කම්මුලේ වැදිලා බේරුනා වෙන කොහෙහරි වැදුනා නන් එහෙම ඉවරයිනේ .... "
ඒ මම නෙමේ .... මං මේ පුදුම වෙලා ,කන්ෆියුස් වෙලා ඉන්නේ .... මගේ ඇස් දෙක කොස් ගෙඩි සයිස් වගේ වෙන්න ඇති .... මනුජ ..... ඇයි එයා .....
"ඔයාට අව්ලක් නෑ නේද අයෝශ් "
මනුජ පොඩි එවුන්ට බැනලා අනික් පැත්තට එයා දිහා කරදර වෙන දුක හිතෙන මූණක් හදාගෙන බලාගෙන ඇහුවේ .... ඔයා කරදර වෙන්න ඕනේ නෑනේ මනුජයෝ ... ඒකට මං ඉන්නවනේ ... මේ ඔයාගෙ වෙන්න මස්සිනා ... මස්සිනාකමට වඩා දෙයක් හිතේ තියාගෙන ඉන්නවා එහෙම නෙමෙයි ... හැබැයි බැරි වෙලාවත් එහෙම නන් සොරිම තමයි .... මොකද එයා මගේ විතරයි ..... ඒත් මනුජ ගේ ද ..... මගේ මූණ අමුතු වෙන්න ඇති ..... මනුජ එහෙම ඇහුවත් අයෝශ් බැලුවේ මං දිහා .... එක අතකින් මූණත් අල්ලගෙන බැලුවේ මං දිහා .... මං දැක්කා හරියට එයා මං දිහා බලං හිටියේ මට රිදුනා කියන්න වගේ .... එයාට ඒක මට කියන්න ඕන උනාද ...... ඔයාත් මට කැමතිද අයෝශ් .... මාව පිස්සු වැටෙයි මෙහෙම ගියොත්
"රිදෙනවද "
"හ්ම්ම්ම්"
මං නිකන් ඉන්න බැරි නිසාම එහෙම ඇහුවත් , එයා හ්ම්ම් විතරයි .... මං නැගිට්ටා ....
"මනුජයෝ මෙතනට වෙලා හිටපන් මං අයිස් ටිකක් අරං එන්නන් "
එයාට රිදෙනවා ... නිල් වෙලා චුට්ටක් විතර ... අයිස් ටිකක් තිබ්බොත් අඩු වෙයි කියලා හිතෙනවා .
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛