ජිමිනුයි මායි හොඳම යාළුවෝ වුණා . ඒත් එයාගේ ඇස් හරිම අමුතුයි . ඒව දිලිසෙනවා . මේ winter season එකේ අනිතිම කාලේ .මගේ හැල්මොනී නැතිවුණාට පස්සෙත් මං මෙහෙම නතර වුණා .කලින් නම් මං කොහොමත් මෙහෙන් යන්න ඉඳියේ ඒත් ජිමින් නිසා මගේ හිත මේ නගරෙට ආදරේ කරන්න පටන් අරන් .
" දන්නවද ජීසූ .. මෙහේ හරිම ලස්සනයි . මේක තාක්ෂණික වශයෙන් කොරියාවේ දියුණු නගරයක් ." එයා එහෙම කිව්වේ හරිම සැහැල්ලු හිතකින් " ඒත් මෙහෙ පරිසරය හරිම ලස්සනයි සෝල් වලට වඩා ... එහෙ හරිම කලබලකාරී . ඒත් මෙහෙ ඒක වෙනස් .. හරිම සැහැල්ලුයි . මට එහේ ඉද්දි හුස්මක් ගන්නවත් ඉඩක් නෑ . ඒත් මෙහේ මට මගේ පෙනහලු දෙකම සම්පූර්ණයෙන් ඔක්සිජන් වලින් පුරවගන්න පුලුවන් "
මං හිනාවෙලා කියද්දී ජිමින් " ඔයාගේ අතේ තියෙන්නෙ මොකද්ද ? " එයා අහද්දී මං ලැජ්ජාවෙන් " ඒක පොතක්නේ " කියද්දී " ඒත් ඒක ඩාර්ක් රොමෑන්ස් එකක් නෙහ් " එයා හයියෙන් හිනාවෙලා කියද්දි මං ලැජ්ජාවටම රතු වෙලා ගියා .
ඒත් එකපාරටම එයාගේ උණුසුම් තොල් මගේ තොල් අතර එහාමෙහා ගියා . මං පුදුම වුණා . ජිමින්ගේ ඇස් හරිම වෙනස් වගේම මගේ හාර්ට් බීට් එකත් එක වේගවත් වුණා .
" මං ඔයාට ආදරෙයි .. ඔයත් මට ආදරෙයි නේද ? " ජිමින් එහෙම අහද්දි මං හිනාවෙලා ඔලුව වැනුවේ හරි ඉක්මනට ...
.
.
අපි දෙන්නම කල්ගුක්සු අවන්හලකට ගොස් බඩපිරෙන්න කෑම කෑවා . ඒක date එකක් වුණත් අපේ බැඳීම හරි අමුතු විදිහට ගලාගෙන ගියා .
" ජිමින් අපිත් snow man කෙනෙක් හදමු " මං එයාගේ බාහුවක එල්ලිලා ගමන් කරේ හරියට පොඩි ළමයෙක් වගේ " ඔහ් එහෙනම් හදමු " කියන ගමන් එයා එයාගේ ගෙදරට මාව එක්කන් ගියා . ඒක ගොඩක් ලොකු ගෙදරක් . එයාගේ ඔම්ම වගේම අප්පත් ඉඳියා . එයාලා මාත් එක්ක හිනාවෙලා කථා කලා . මට අපහසුතාවයක් දැනුණේ නැහැ .
" කෝ එන්න " ජිමින් මාවත් ඇදන් මිඳුලට දිව්වා . දැන් හිම දියවෙන්න පටන් අරන් තිබුණත් අපි snow man කෙනෙක් හැඳුවා . ඒ වගේම හිම බෝල ගහගත්තා .
.
.
මාව රෑ වෙන්න කිට්ටු වෙලා ගෙදරට ගෙනත් දාපු ජිමින් නම් දුකින් ඉදියේ . මොකද හෙට ඉඳන් මං මගේ job එකට යන්නනේ ඉන්නේ . මං විද්‍යාගාරය වැඩ කරන්නේ. ජිමින් නම් restaurant එකක් කරන් යනවා .
මං සතුටු වුණා . කාලයකට පස්සේ. එයා මගේ ජීවිතේට එන්න කලින් මං ගත කලේ හරිම විඩාබර ජීවිතයක් ඒත් දැන් නම් මට ඒ කාලේ මතකවත් නෑ . එයා එයාගේ ආදරයෙන් ඒ තරමටම මාව පිරෙව්වා . ඉරිතලලා ගිහින් තිබුණ හිතේ අස්සක් මුල්ලක් නෑරම . ඒ හිනාව භාවනාවක් වගේ .
ආදරය මගේ ජිවීතේ වෙනස් කලා .
ඒ වගේම ජීවිතය විනාස වෙන්නත් යන්නේ තත්පර කිහිපයයි . මේ ආදරේ නැවතුම කොහොම වේවිද ?
~~~~~~
කතාවේ හැමවචනයක් ගැනම හිතන්න ... මං දන්නවා මේක boring කියලා .
පරිස්සමෙන් ඉන්න පැටවු 💗
YOU ARE READING
ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔
Фанфикශීත සෘතුවේ මා හටත් හමු වූවා උණුහුම් පපුවක් එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයි වෙන කාන්තා හිතකට ඉරිසියා හිතෙන තරමටම ඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම් මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටම මාගේ අවසන් හුස්ම හෙලීමට පෙරම I love you . ( Coverd bu Armygirl9...