The Target 🖤⚡

12 2 0
                                    

🖤The target 🖤

ආදරය,පලි ගැනීම ,කුතුහලය , පිරුණු අරමුණක හඹායෑම.....💝

         🖤💣  First episode 💣🖤

"ඔෆිසර් #Jung Ho-seok.. ..මං ඇතුළට එන්නද..."

ඒ වචනත් සමග ඔහුගෙ මුවෙහි සිනා රැල්ලක් ඇදුනේ තම මවගෙ ක්‍රියා නිසාවෙනි....

"ඉතින් මිසිස් #සේරි...මොකෝ මේ පැත්තේ...."

ඊට නොදෙවෙනි ලෙස ඔහු මවගෙන් විමසූවේ දෙදෙනාම මහ හඩින් සිනාසෙද්දි....

"අද පාන්දරම යනවද පුතා..."

"ඔව් ඔම්මා...අද පාන්දර දි  මර්ඩර් එකක් වෙලා ගන්නම් වල..ඉක්මන්ට යන්නෝන ඔම්මා.... කේස් එක භාර වෙන්නේ අපිට..."

"අනෙ මන්ද පුතේ..දවසකට කීයක්නම් මිනීමැරුම් ද...ඕවා කියද්දි මට ඔයා ගැනත් බය හිතෙනව.... "

"ඔන්න ඔන්න  මිසිස් සේරි.... ඔයා දන්නවනේ..."

"අම්මො හරි හරි ..එකම තැටියනෙ...මට පාඩම්...ඉක්මන්ට ලෑස්ති වෙලා එනව පහළට...කෑම නොකානම් අඩියක් තියන්න දෙන්නෑ එලියට...."

" කකා ඉන්න වෙලාවක් නැ ඔම්මා..මගෙ හොද ඔමොනි වගේ කෑම එකක් ඔතලා දෙන්නකො මං සුගා එක්ක #Min_yoongi   කන්නම් ගිහින්..."

"මේ කොල්ලො දෙන්නම එකයි.."

"මොකෝ මොකෝ  සේරි..."

"ඔන්න ආවා අනිත් එක්කෙනා...ඇත්තමයි මේ කොල්ලෝ දෙන්නා හින්ද මට පිස්සු හැදෙනව කල්පනා කරලම...."

ඇය එසේ පවසද්දි  කොල්ලෝ දෙන්නා සේරිව වැලදගත්තේ ඇය ඔවුන් දෙදෙනාගෙම හිස අතගාද්දි...

"හරි හරි දෙන්නම ඉක්මන්ට එන්නකො පහලට..මං කෑම එකක් ඔතලා තියන්නම්..."

එසේ පවසා ඇය එතනින් නික්මුනා...

"#හොබී...උබ හිතනවද මේක දකින තරම් සැහැල්ලු කේස් එකක් කියලා ..."

"නැ #සුගා...මෙතන තියෙන්නේ පිටින් දකිනවට වඩා දෙයක්...කෝකටත් අපි ඉක්මන් වෙන එක හොදයි .... චීෆ්ව හම්බෙන්නත් ඕනිනෙ..."

"හ්ම්ම් ඔව්...ගිහින් ම බලමු...දැන් යමන්..."

"ඔම්මා අපි ගිහින් එන්නම්..."

"හරි පුතාලා..පරිස්සමට ගිහින් එන්න"

මවටත් එසේ පවසා ඔවුන් නිවසින් පිටව ගියේ ඔවුන්ගෙ මූලස්ථානය වෙතටයි...

The Target 🖤⚡Where stories live. Discover now