උදේ ම නැගිටිද්දි මං හිටියෙ අලුත් තැනක. මට මීට කලින් හුරු නැති. හරිම නිස්කලංකයි. කාමරේ තියෙන ඔක්කොම දේවල් කහ පාටයි. මං හිමින් සීරුවෙ වටේට ම ඇස් අරන් යද්දි මං දැක්කෙ ටේබල් එක උඩ තියෙන සුදු රෝස මල් පොකුරක් දාපු වාස් එක. හහ්.. අභී මෝඩයා ඇරෙන්න වෙන කව්ද ඉතිං ඔව්වට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නෙ. ඉතින් මං ඉන්නෙ එහෙ...
මට දැන් ටිකක් ඇගට සැහැල්ලුවක් දැනෙනව. උණ ගතිය බැහැල ගිහින්. ඔලුවෙ බට ගතියත් නෑ. උගුර කට වේලිලා අර පිච්චිලා ගිහින් වගේ ගතිය නම් තාම ටිකක් තියෙනව. ආයෙ මේ ලෝකෙට එන්න හිතාගෙන කරපු දෙයක් නොවිච්ච කොට මං මට ම කරගත්ත මේ අපරාදෙට මං වන්දි ගෙවන්නත් ඕනි නෙ.
ඇදෙන් බැහැල සීතල ටයිල් පොලොව උඩ ඇවිදන් මං ගියේ කාමරේ ජනේලෙ ගාවට. ජනෙල් පියන් ඇරියාම උදේ පාන්දර හීතල හුලන් රැලි කාමරේට එන්න ගත්තා. කොලබ අහස යට හීතල නැව්ම් හුලං රැල්ලක් විදින්න පුළුවන් උදේ ට තමයි. රෑට හමන හුලග සීතල උනත් නැව්ම් නම් නෑ. හරිම මහන්සි පාට හුලගක් තමයි එන්නෙ. මට නිකන් දැනුනෙ මං අලුත් ලෝකෙකට ඇවිත් වගේ. මගේ හිත පිරිලා. මොකද්දෝ හැගීමකින්. මට හරි ම සැනසීමක් දැනුනා. ඉතිං මං මගෙ නාස් පුඩු පුරෝලා හුස්මක් ඉහලට ගන්න කොට මගෙ ඉන වටේ හුරු පුරුදු දෑතක උණුහුම දැනුනා. මං සද්ද නැතිවම ඇස් පියාන ඒ හැගීම විදගත්තා..
"ම්ම්.... ගුඩ් මෝනිම් මගෙ මැණික."
"ගුඩ් මෝනිං අයියෙ.. "
"කවද්ද සිතෙව් ඔයා මට ආදරෙන් කතා කරන්නෙ"
"ඇයි මේ ආදරෙන් තමා ඉතිං කතා කරන්නෙ "
"එහෙම නෙවෙයි..."
"එහෙනම්..?"
"වැඩක් නෑ.."
අභී අයියා මූණත් අකුලන් මගෙ උරහිසට නිකට තියාන ජනේලෙන් එලිය බලා ගෙන ලොකු හුස්ම රැල්ලක් පාත දැම්මා. මට පව් කියලත් හිතුනා. මොනා උනත් එයා මට සෑහෙන්න ආදරේ කරනව.
"මට ඔය තරම් ආදරේ කරන්න එපා අයියෙ"
"ඒ මොකද ?"
අභී අයියා මාව එයා දිහාට්ට හරෝගන්න ගමන් අහද්දි මගේ ඇස් පැටලුනේ එයාගෙ දිලිසෙන බෝල ඇස් වල.
YOU ARE READING
සුදු රෝස✅ [Nonfic BL💛💜️]
Romanceආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියනවට වත් එක ම එක වතාවක් ඔයාගෙ ඔය හදවතට තට්ටු කරල අහන්න ඒක ඇත්තට ම එහෙම ද කියල .. ...