කොම්ලෙක්.... ඒකත් රට එකෙක්

35 2 0
                                    

" ලොකූ.... නැගිටපන් දැන්වත් මාව ඔතනට ගෙන්න ගන්නෙ නැතුව. උදේ 11ත් උනා . මේකි තාම නිදි . අම්මපා..... දැන් කාලෙ හැදෙන එවුන් නම්........."

උදේ පාන්දර ඔය ඇහෙන්නෙ අපෙ අම්මගෙ මියුරු ස්වරය. උදේ 11ත් වෙලා ලු . ඒත් ඒක වෙන්නෙ කොහොමද ?
මන් ඊයෙ රෑ ඇදට නැග්ගා වත් මතක නෑ නේ....

" ලොකූ.... මන් ආයෙ කියන්නෙ නෑ.... නැගිටලා එනවා...
දෙයක් තියෙනවා කතා කරන්න. "

කතා කරන්න.....
මාත් එක්ක...
ඒකත් දෙයක්...
එන පොට නම් හොද නෑ වගේ.

මාත් ඔන්න ඔහේ අහින්සකයා වගේ ගිහින් අම්මට ටිකක් ඈතින් ඉදගත්තා. කියන්න බෑ නේ. බැරි වෙලාවත් මගෙ අතින් කැඩුනු පිගන් දෙක අම්මට මාට්ටු වෙලාද කියලා.එහෙම නම් rest in peace තමා .

හෑ ..... අම්ම මදිවට තාත්තත් ඉන්නවා.

" ලොකූ හෙට අර ලමයගෙ ගෙදරින් එනවා කිව්ව. "

ලමයෙක්.....
මොන ලමයෙක් ද?

අම්මට ඉන්නෙ මේ සදයි, දිනූයි , සුමුදුයි විතරනෙ.
ඔතනින් සද කියන්නෙ මේ සද්ගුනවත් මම. එතකොට දිනු කියන්නෙ මගෙ වදකාර නන්ගි. ඒකි නම් වැරදිලා කෙල්ලෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ. සුමුදු කියන්නෙ මගෙ ට්වීනා. ඒත් කරුමෙට ඒකා විනාඩි 05ක් වැඩිමල්. උගෙ නම සුමුදු උනාට වැඩක් නෑ. උගෙ ගතිගුන සුමුදු නෑ. හොස්ස ලගින් මැස්ස ගියොත් ඉවරයි.

" කවුද අම්මෙ ? අම්ම කියන්නෙ නන්ගි ගැනද? ඒකි ඉතින් කොහොමත් අද හවස එනවනෙ "

අන්න තාත්තා නැගිටලා ගියා.

" අනේ ලොකූ... ඩොක්ට කෙනෙක් නේද? තව ඔබපන් ... තව ඔබපන් අර මගුල. එතකොට තියෙයි. "

" අයියෝ අම්ම ..... බනින් නැතුව කියන්නකො...මට තාම මීටර් නෑ අප්පා...."

" අම්මපා.... ඇයි දෙයියනේ මේකි මෙහෙම . අපි කිව්වෙ අර අයියාගෙ යාලුවා. එයාව ඔයාට propose කරා කියලා. ඒ ලමයි හෙට එනවලු. "

ආ.... මනමාලයෙක්.
මො... මනමාලයෙක් .......මට නේද? 😱

" ඈහ්... අනේ අම්මා. මට දැන්ම බදින්න බෑ.... අනේ... අම්මා..."

" අනේ මේ ලොකූ. දැන් පිස්සු නටන්න හදන්න එපා. එදා එහෙනම් හා කියලා ඔලුව වැනුවෙ. මන් අයියට කිව්ව. එයා තමා උදේ කෝල් කලේ අර ලමයි එක්ක එයත් හෙට එනවා කියලා."

" අනේ අම්මේ.... ඔයා හොදයි නේ... මට මතක නෑ මන් හා කිව්වා කියලා. සත්තයි මේ ඇත්තයි.
අනේ අම්මා. අයියට කියන්නකො.... "

ඒගමන නැගිටලා ගියපු තාත්තත් ආයෙ ආව.

" මේ ලොකූ මන් ආයෙ කියන්නෙ නෑ....."

කොහොම හරි අන්තිමට පැයක විතර දැවැන්ත සන්ග්‍රාමෙකට පස්සෙ මන් පරාජය බාර ගත්තා. බෑනෙ නැත්තම් අයියට එද්දි මට කන් අඩි දෙකක් ගේන්න වෙයි.

පොඩ්ඩක් ඉන්න

ඉන්න නේද කිව්වෙ

අයියට යාලුව හම්බුනෙ කොරියාවෙ දි නෙ. ඒ කියන්නෙ මූ කොරියන් එකෙක් ද?

එහෙනම් කොහොමවත් ම බෑ. මගුල වෙන්න දෙන්න බෑ.
මේ මගුල කඩන්න ඕනී.......

Next day....

" ලොකූ අදවත් ටිකක් කලින් නැගිටපන්. අර ලමයි airport එකට ඇවිත්ලු. තාත්ත ගියා එක්කගෙන එන්න."

හැව් හැව් තමා... අපේ අයියටත් ඕනි නැති දෙයක් නෑ. කොරියන් ගියා නම් පාඩුවෙ හිටුකො ඌට ම මගුලක් හොයාගෙන . මට මගුල් හොයන්නෙ.

" කෑ ගහන්න එපා අම්ම. මන් නැගිටල ඉන්නෙ "

" ඉක්මනට ගිහින් අර මගෙ ඇද උඩ තියෙන සාරිය ඇදගන්න . ඒ ලමයි දැන එන ගමන් ලු."

කොල්ල රට එකෙක් නම් මන් මගුලට ද සාරි පටලවගන්නෙ. ගවුමක් ඇන්ද නම් ඉවරනෙ. සෙද්ද. උන් සාරි දැකල වත් නැතුව ඇති.

( මෙතන ඉදන් ඉන්ග්ලිශ් වලින් කතා කරන්නෙ කියලා හිතන්න.)

" ලොක්කිව එක්කන් ආව නම්."

නන්ගිගෙ පෝන් එකට කෝල් එකක් අරන් කතා වෙන ඒවා අහන් හිටපු මම ඉක්මනට කෝල් එක කට් කරලා අහින්සක මූනක් හදා ගත්තා.
දෙයියනේ...
අර ඇවිත් ඉන්න එකා මට අකමැති වෙයන්.....

----------------------------------------

:- kitty

💕Marrage 💕Where stories live. Discover now