දාසයවන අඩිය ~ තුන්වන රාගය

97 8 3
                                    

                    
                     26 කියන දවස එනකන් මං බලාගෙන හිටියා ..... ක්‍රිස්මස් පාර්ටි එකක් කළුආරච්චි අන්කල්ලාගේ ගෙදර .. එයාගේ වයිෆ් ක්‍රිස්තියානිලූ .... මීට කලින් මං ක්‍රිස්මස් පාර්ටි කීපයකටම ගිහින් තියෙනවා ... යාළුවන්ගේ පාර්ටි තමයි ...

"සුදු බබාට මතකයි නේද කළුආරච්චි අන්කල්ව "

" ඔව් අප්පච්චි ... එදා අපිට කලර්ස් නයිට් .... ඕ ශිට් අප්පච්චි ඒ මහීගේ බාප්පා නේද " 

"ආ ඔය මතක් වෙලා තියෙන්නේ හොඳට ... මං ඒත් බැලුවා ඇයි මේ කිසිම රියැක්ශන් එකක් නැතුව ඉන්නේ කියලා "

හත්තික්කේ මට දැන්නේ මතක් උනේ ... අඩේ... එතකොට මේ එයාලගේ ගෙදරද යන්නේ ... ඒත් ඒ අන්කල් මහීගේ බාප්පා නිසා වෙන ගෙදරක ඉන්නවද දන්නේ නෑ .... ඉතින් මට මොකද ඒකා කොහේ හිටියත් ... ඒකා මාව ගනන් ගන්නෙවත් නෑ ... පුදුම ලොකු කමක් තියෙන්නේ ... එදා මැච් වලට තෝරගැනීමේ මැචස් තියෙද්දී එහෙම මං උන්ට උපදෙස් දෙද්දී මේකා අහක බලාගෙන හිටියේ ... ඇත්තමයි මට මරං කන්න තරම් තරහක් ආවේ ඒ වෙලාවේ නන් ... බූරුවා .... කොහොමත් ඔහොම එවුන් ගනන් ගන්න හොඳ නෑ .. හහ් ....

    ආ අමතක උනානේ කියන්න මේ අපි කළුආරච්චි අන්කල්ලාගේ ගෙදර යන ගමන් ... එයාලා ඉන්වයිට් කරද්දි නන් කියුවේ 4 පහු වෙලා ආවම ඇති කියලා ... දැන් කෝමත් 4.30ට කිට්ටුයි ඒ හින්දා අපි කලිනුත් නෙමේ පරක්කු වෙලත් නෙමේනේ ....

"ඔව් අපි එතෙනට ඇවිල්ලා ඉන්නේ ... මෙතනින් හැරිලා කොච්චර දුර එන්න ඕනෙද .. ආ හරි හරි ... ආ ඔව් ඔව් දැක්කා දැක්කා .. හරි හරි දොර අරින්න අපි දැන් ගේට්ටුව ළඟ "

අපි ටව්න් එකේ ඉඳන් සෑහෙන දුර පහු කරන් ඇවිල්ලා කොහෙන්ද මන්දා හරවන්න හදනකොට අප්පච්චි ඒ අන්කල්ට කෝල් එකක් අර ගත්තා මං හිතන්නේ ... කෝල් එකේ ඉද්දිම ඩ්‍රයිව් කරගෙන යන අප්පච්චි දිහා බල බලා අම්මා බනිනවත් එක්ක ... කොච්චර කීවත් අහන්නේ නෑනේ මේ අප්පච්චියා .. තරුණ වයසලූ ... කාට කියන්නද තරුණයාගේ තරම .... ගේට්ටු අරින්න දොර අරින්න ගගා එක එක කතා කියලා කොහොමහරි අපි කළු පාට ගේට්ටුවක් ඇතුලින් කාර් එක දැම්මා ... ම්ම් ලස්සනයි ... වත්ත වටේටම මල් වවලා ... ගේට් එක ගාව ඉදන් යාර්ඩ් එක ගාවට යනකන් කොන්ක්‍රිට් කැට අල්ලලා ... වටේටම තණකොළ .... පැත්තකින් මල් පිරිච්ච ඇහැළ ගහක් .... දෙවියනේ ...ඒක බලන් ඉන්න හිතෙන දර්ශනයක් .... මහී ලගේ ගෙවල් තියෙන්නෙත් මේ ළඟමද දන්නේ නෑ ....

_~ අහස් රාගය ~_Where stories live. Discover now