chapter 4

70 10 8
                                    

Chapter 3

යූන් උබ මටත් පිස්සු හදන්න හදන්නෙ...ලගදිම අපි දෙන්නටම මෙතන ඉන්න පුලුවන් වෙයි....

----------

යූන්ගිගෙ කොන්ඩෙ අව්ස්සපු මන් ඉක්මනටම කෝට් එකයි වෙද නලාවයි අරන් එයාගෙ රූම් එකෙන් එලියට ගිහින් එහෙම්ම බිත්තියට හේත්තුවෙල එයාගෙන් ලැබුනු හාදු වැස්ස ගැන මතකාවර්ජනය කලා...දෙය්යනෙ!!..මට මේ මොකක්ද වෙලා තියෙන්නෙ..මගේ හදවත මෙහෙ වයලීන් ගහනව...උබටනම් මොකො යූන්...මට දැනුන මගේ කන්දෙක රත් වෙනවා...හයියෝ දැන් මාව රතුවෙලා ඇති...මන් එහෙම්ම මගේ මුනට අතින් ගහගත්තා..හරි සිහියට වරෙන් හොසොක්..උබ පේශන් නෙමේ උබයි ඩොක්ට...
මන් ,මන් තමා ඩොක්ට කියල මටම ඒතුගන්න මටම ගහගත්තා...මොකෙක් හරි දැක්කොත් මාවත් මෙතනම රූම් එකකට දායි කියල මටම හිතෙද්දි මන් ඉක්මනට මගේ රූම් එකට ආවා..ඒවගේම මගේ දවල් කෑම එක පුරුදු විදියටම මගේ මේසෙ උඩ තිබ්බ වගේම කෑම එකට යටින් පොඩි චිට් එක තිබ්බ..

"අද රෑට ටිප් එක විදියට දාහක් ඕනෙ"

මොකක්...දාහක්..මන් දන්නව ඕක අර ජිමින්ගෙ වැඩක් හහ්...දාහක් තියා රුපියල් දහයක්වත් මන් ගාව නැති කොට මන් මුට දාහක් දෙන්න..වරෙන්කො දෙන්න උබට දාහක්...මන් චිට් එක බින් එකට දාල මගේ සුපුරුදු ඇදුම වෙච්ච ශෝටටයි ටී ශර්ට් එකටයි මාරු උනා...කන්නාඩිය ගාවට ගිහින් ඔලුවට ඕඩිකොලොන් බෝතලේම වගේ හලාගත්ත මන් බේබි පව්ඩ එක ඇග හැමතැනම හලාගත්තා....දැන් හරි..මන් ඉතින් මෙහෙ ඉන්න කියුට් ඩොක්ටනෙ....මන් කන්නාඩිය දිහා බලාගෙන මටම කියාගද්දි මගේ බෙල්ලෙ තිබ්බ යුන්ගිගෙ හැපුම් පාරට ඉබේම ඇස් ගියා.. මාව නිකන් දියවෙන්න වගෙ ආවා..ආආඅ!!!උබ මට මොනවද කලෙ යූන්..ඒ ක දැක්කත් ඇති මගෙ මුලු මූනම රතුවෙන්න ආව වගෙම රතුවෙලා මැරෙන්න හැදපු මගේ මූනෙ මොකටදෝ මන්ද හේතුවකට හිනාවක් ඇදුනා...

දැන් නම් මට මටම බෙහෙත් කරගන්න කාලෙ හරි වගේ...මන් ආයෙත් මුකුත් නොහිත කෑම එක කන්න ගත්තා...මොනා නැතත් කෑම එක මරු...කැම එකට දෙසාබාපු මන් ආපහු ඇදට වැටෙද්දි රෑ හත අට වගේ උනා...මට අනුවනම් තාම වැඩිය රෑ වෙලා නෑ...අනික මට දහයට කලින් නින්ද නොයන ලෙඩකුත් තියනවනෙ...එකනම් මේ කැම්ප්ස් කාලෙ ආව ලෙඩක්...මොකද මන් ඒ දවස් වල රෑ දහය නෙමෙ මහ පාන්දර එක දෙක වෙනකම්ම ඇහරිලා....ඒනිසා ඒ පුරුද්දට කාලයක් යනකම් මට නින්ද ගියේම මහ පන්දර...රෑට නින්ද ගියේම නෑ...පස්සෙ ටික ටික දහය එකොලහ වෙද්දි නින්ද යනවා....මෙලෝ වැඩක් කරන්න නැති මන් ඇදේ හතර අතට කැරකි කැරකි හිටියා...ඒත් එක්කම මට මතක් උනේ යූන්ව...එයා නිදිද දන්නෙ නෑ..රෑට කාලද....ටිකක් බැලුවනම් හොදයි...මගේ පේශන්නෙ..

My Lovely LoverWhere stories live. Discover now