thirty three

1.3K 233 32
                                    

ටේහ්‍යොන්ග් තට්ටු දෙකේ Simple but Luxury ගෙදර දිහා බලලා ජන්කුක්ගේ අතින් ඇල්ලුවා... ගෙදර ලස්සන දිහා බලාගෙන හිටිය ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ජන්කුක් සුදු පාටින් පේන්ට් කරපු Ash colour වලින් ගේට් එක, ඩෝ එක, වින්ඩෝ ඩිසයින් කරපු ගෙවල් වලට කොහොමත් ආසයි...

"රෙඩි" ටේහ්‍යොන්ග් හිනාවුනා... ජන්කුක් ඇස් ලොකු කරගෙන ඔලුව වැනුවා... "ගුඩ්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත කිස් කරා... ජන්කුක්ගේ කම්මුල් රතුවුනා... "ෆකින් කියුට්"

"ටේහ්‍යොන්ග් ඔයාගේ මම් දන්නවද මම එනවා කියලා" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත අත් දෙකෙන්ම අල්ලගෙන නැවතුනා... "ඔව් කූ, මම් ඔයා එනකන් බලාගෙන ඉන්නේ, ම්ම් දැන් යමු" ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කගෙන ගේට් එකෙන් ඇතුලට ගිහින්, මේන් ඩෝ එක ඇරියා... මුලු ගෙදරම සුදු පාටින් පේන්ට් කරලා තිබුනා... ටයිල්ස් පවා සුදු පාටයි...

"වාව්" ඇතුලට යන ගමන් ජන්කුක් මුලු ගෙදර පුරාම ඇස් යැව්වා... "ටේ මේ ඔයාලද?" ටේහ්‍යොන්ග් එක්ක තව ලස්සන අවුරුදු 50ක විතරක් පෙනුමක් තියෙන ගෑනු කෙනෙක් ඉන්න ෆොටෝ එක දිහා බලලා ජන්කුක් ඇහුවා... ටේහ්‍යොන්ග් හැරිලා ජන්කුක් පෙන්නන ෆොටෝ එක දිහා බැලුවා... "ම්ම් මගේ මම්" ටේහ්‍යොන්ග් ඇස් දිලිසුනා...

"ටේහ්‍යොන්ගී" ගෑනු කෙනෙක්ගේ කටහඩ ඇහුනම දෙන්නම හැරුනා... "ඔහ් අජුම්මා" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් අල්ලගෙන ටේහ්‍යොන්ග්ගේ මම්ව බලාගන්න අවුරුදු 50 ක් විතර වයස නීනා ලගට ගියා...

"ඕමෝ මේ දරුවා කවුද? හරිම ලස්සනයි" නීනා හිනාවෙලා ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිටිපස්සට වෙලා හිට ගත්තා... ජන්කුක්ගේ කම්මුල් ලැජ්ජාවෙන් රතුවුනා...

"මගේ ජීවිතේ ඉන්න වැදගත්ම කෙනා අජුම්මා" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඉස්සරහට ඇදලා අරගෙන පැත්තෙන් පපුවට තුරුලු කර ගත්තා... ජන්කුක් මූණ ටේහ්‍යොන්ග්ගේ පපුවේ හංග ගත්තා...

"ඕමෝ මෙයා හරිම ලැජ්ජයි වගේ"

"ඔහ් විස්වාස කරන්න අජුම්මා මෙයා තරම් ලැජ්ජ කෙනෙක් මේ ලෝකෙම නෑ, එහෙමනේ කූ" ටේහ්‍යොන්ග් අමුතු විදියට හිනාවෙලා ඇහුවම ජන්කුක් පිටිපස්සෙන් ටේහ්‍යොන්ග්ගේ ඉන මිරිකුවා... "ටේහ්‍යොන්ග්!" ටේහ්‍යොන්ග් හයියෙන් හිනාවුනා...

what happen to the NERDY ||vkook||Wo Geschichten leben. Entdecke jetzt