ජියාලා බුසාන් ගිහින් ඇවිත් දැනට සතියක්. බුසාන් ගමනෙන් පස්සෙ ජියා ජන්ග්කුක් දෙන්නගෙම ජීවිත අලුත් විදියට පටන් ගත්තා. දෙන්නගෙම ජීවිත වල අලුත් ආරම්භයත් එක්ක දෙන්නම එයාලගෙ චූටි දුවත් එක්ක හිටියේ හරි සතුටින්.
දෙන්න කොච්චර බිසී වුනත් දෙන්නම වෙනද වගේම හාරි එක්ක කාලෙ ගත කරන්න වෙලාව හොයාගත්ත වගේම ඒ දෙන්නට දෙන්නත් ආදරෙන් ඉන්න කාලෙ වෙන් කලා. කෙටියෙන්ම කිව්වොත් ආදරෙන් ඉන්න අඩු පාඩු නැති පුංචි පවුලක් කියල තමයි මේ තුන් දෙනාව දකින ඕනම කෙනෙක්ට හිතුනේ.ඉතින් අදත් වෙනද වගේම සාමන්‍ය දවසක්. ජියා පුරුදු විදියටම උදෙන් ඇහැරලා එයාගෙ අතින් වෙන්න ඕන සේරම දේවල් කරලා ආයෙම මේ රූම් එකට එන්නේ ජන්ග්කුක් හාරි දෙන්නව ඇහැරවන්න. ජියාට දැනට ලෝකෙ තියන අමාරුම වැඩේ තමා මේ අප්පවයි දුවවයි ඇහැරවන එක.
මුලින්ම ජන්ග්කුක්ව ඇහැරවන්න හිතුව ජියා ජන්ග්කුක් ගාවට ගිහින් දෙකට නැවීගෙන තට්ටු කර කර ජන්ග්කුක්ට කතා කලේ කොච්චර මෙහෙම කලත් ළඟදි ඉදන් ජන්ග්කුක් පුරුදු වෙලා ඉන්න විකාර වැඩේ නොකර ජන්ග්කුක්ව ඇහැරවන්න බෑ කියල දැන දැනමයි.
"ඔප්පා.. කෝ නැගිටින්න..අද ඉම්පෝර්ට්න්ට් මීටින් දෙකක් තියනව කිව්ව නේද.. "
"ගිව් මී ෆයිව් මෝ මිනිට් මැනික.."
ජන්ග්කුක් එහෙම කියලා ජියා එයාගෙ ඇගෙන් අයින් කරපු ඩුවට් එක ආයෙම පෙරව ගත්තා. ජියා ඉනටත් අත් දෙක තියන් ජන්ග්කුක් ගෙ මේ වැඩ දිහා බලන් හිටියේ ජන්ග්කුක් ට හිතින් බැන බැන. හරියටම විනාඩි පහකට පස්සෙ ජියා ආයෙම ජන්ග්කුක් ව ඇහැරුවා.
"ඕකේ ටයිම් ඊස් අප්. නව් යූ හැව් ටු වේක් අප්"
"ආයිශ්.. ඔයා එක්ක බෑ ජියා..."
"හරි කමක් නෑ.. කෝ නැගිටින්න ඔප්පා. මටත් වෙන වැඩ තියනවා."
"කෝ ඉතින් දෙන්න. එතකොට තමා ෆුල් එනර්ජි පිටින් ඇහැරෙන්න පුලුවන් වෙන්නෙ.."
"මොකක්ද..."
ජියා එහෙම අහනවත් එක්කම ජියාගෙ අතින් ඇදලා ජියාව එයාගෙ ඇග උඩට වට්ට ගත්ත ජන්ග්කුක් ,
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
عاطفيةවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...