:එයා ඇවිල්ලද?
;මන් හිතන්නේ අදත් නෑ වගේ
පන්තියෙ කොරිඩෝවෙ ඉදගෙන අදත් බලාගෙන හිටියෙ එයා එනකන්.සදුදා ඉදන්ම එයාගෙ මූන බලන්න බලාගෙන හිටියත් තාමත් ඇවිත් නෑ වගේ.ඒ නරක ඇස් දෙකට තමයි මන් ගොඩක් ආස කරේ.මගේ රහස ගැන දන්නේ මගෙ හොදම යාලුවා විතරයි.
;දැන් උබ ඔහොම ඉදලා හරියනවද හිටපන් මන් ගිහින් අක්කා කෙනෙක්ගෙන් අහලා එන්න එයා ඇවිල්ලද කියලා
:එපා ඕනෙනෑ
;එපා නෙමෙයි මන් අහන් එන්නම්.
වෙනදට එයා ඉස්කෝලේ ආවොත් මට පේන මානෙට එනවා.මන් දන්නෑ එයා මට කැමතිද කියලා.කොහොමඋනත් එයා හොරෙන් මන් දිහා බලන බවත් මන් දන්නවා.
ක්‍රේල් කොට කොන්ඩෙයි නපුරු ඇස් දෙකයි එයාට අමුතුම ලස්සනක් දුන්නා.එයාගෙ නපුරුකම නිසාද මන්දා මන් තාම වචනයක්වත් කතා කරලා නෑ.මන් එයාට කොච්චර කැමති උනත් එයා මන් දිහා බලන හැමවෙලාවකම මන් ඔරවලා අහකබලාගන්නේ ඇයි කියන්න මන් දන්නෙත් නෑ.
;අන්න ආදිත්‍යා අක්කා අද ඇවිල්ලා
මෙහෙම කියාගෙන දුවගෙන ආවෙ මගෙ හොදම යාලුවා.
එයාගෙ නම ආදිත්‍යා එයාගෙ යාලුවො කතා කරන්නේ ආදි කියලා.හැමෝමත් එක්ක වැඩි කතාබහක් නැති කෙනෙක්.මගේ පන්තිය තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ එයාගෙ පන්තිය තියෙන්නේ දෙවනි තට්ටුවේ.මට එයාව බලන්නෝනෙ ඒත් මන් බයයි එයා දිහා බලන්න.එයා හරි නපුරුයි.
:ඇයි එයා මේ දවස් ටිකේ ඉස්කෝලේ ඇවිත් නැත්තේ.
;මන් දන්නේ කොහොමද බන් ඒක
:පහලට යමුද?
;යමන් යමන්
හෙමින් හෙමින් පහලට බැහැගෙන යද්දී දැක්කේ ඒ නපුරු ඇස් ජනේලෙන් එලිය බලාගෙන ඉන්න විදිහ.දැක්කත් නොදැක්කා වගේ පඩිපෙල බහිද්දී එකපාරටම....
< නංගී
ඔව් එයා කතා කරා. ඒ ගැබුරු කටහඩ පලවෙනි පාරට මන් ඇහුවා.මට හැරෙන්න බෑ මන් බයයි එයා දිහා බලන්න.මගෙ යාලුවා එතන හිටිය නිසා එයා කතා කරා.
;ඇයි අක්කේ
<ඔයාගෙ ඔය යාලුවට මේ පොත දෙන්න එයා මගෙ යාලුවෙක්ගෙන් පොත ඉල්ලලා තිබ්බා.මේක මගේ පොතක් පරිස්සම් කරලා ආයෙම මට දෙන්න කියන්න.
මගේ මූන දිහා බලන් එහෙම කියලා මගෙ යාලුවගෙ අතට පොත දුන්නා.ඇයි එයාට බැරි මාත් එක්ක කතා කරන්න.හුහ් පුදුම ලොකුකමක්නේ තියෙන්නේ.
මගෙ යාලුවා තැන්ක්‍යූ කියලා පොත අරගෙන එයා ඉස්සරහම,
;උබ ඔය පොත නේද හැම තැනම හොය හොය හිටියෙ දැන් සතුටුද උබට
:අපි යමුද මෙතනින්.
ඒක කියනවත් එක්කම එයාගේ මූන මැලවෙනවා මන් දැක්කා.මන් කොච්චර එයාට කැමති උනත් හැමතිස්සෙම මන් එයාගෙ හිත රිද්දනවා.
-----------------------------------------------------------------------------------------------------------
;දැන් ඇයි උබ අඩන්නේ
:එයා පවු බන් මන් එයාගෙ හිත රිද්දුවා නේද?
;ගිහින් අහපන්
:උබටවත් මාව තේරෙන්නෑ බන්
;මට උබව තේරෙනවා.උබ එහෙම කියපු එක වැරදියි එයා ආසාවෙන්නේ පොත දුන්නේ.
:ඒ උනාට මගේ අතට දුන්නෑනේ
;තොපිලා දෙන්නගෙම ලොකුකම් බලන්න උනානෙ මේ අහිංසක මටත්🙂👍
..............................................................................................................................
Hellowwww prens😪
😪❣️