Chapter 31 🌼

513 67 34
                                    

ජියා හිටියේ එයාගෙ කැබින් එකට වෙලා වැදගත් ප්‍රොජෙක්ට් එකක ෆයිල්ස් වගයක් බල බල. ඒත් එක්කම ඩෝ එකටවත් තට්ටු නොකර කවුරුහරි කෙනෙක් කැබින් එකට කඩා පාත් වුනේ ජියාව තරහ ගස්සවලා. ජියාගෙ පරන නපුරු කම් අඩු වුනත් මේ වගේ දේවල් ජියාට අදටත් කොහෙත්ම රුස්සන්නෙ නෑ.

"කවුරු කියලද හිතන් ඉන්නෙ ආ..."

ජියා කෑ ගහගෙනම ෆයිල්ස් වලින් ඇස් අහක් කරලා ඇවිල්ලා ඉන්න කෙනා දිහා බැලුවම ඒ කෙනා ගානක් නැතුව ගිහින් කැබින් එකේ සෝෆ එකේ ඇල වුනා.

"යාහ්හ්හ් පිස්සු ද ආ.."

"නෑ..."

"මොකටද ආවේ. අද මීටින් එකක්වත් නෑනෙ ඔප්පා.."

"යකෝ මගෙ නංගිව බලන්න එන්න මට බෑද."

වෙන කවුරුත් නෙවේ ඇවිල්ල හිටියෙ ටේ. කිසිම ගානක් නැතුව සෝෆ එකේ ඇල වෙලාම ජියා එක්ක කතා කරන ටේ කියන කතා නිසා ජියාට කේන්තී. ජියාගෙ කාලෙ කනවා කියන තරහ ඉතින් ජියාට තිබ්බේ.

"අනේ විකාර නොකර යන්න ඔප්පා. මට වැඩ තියනවා. අනික ඔයාට වැඩ නැද්ද ආ.."

"තියනව අනේ. ඒත් මගේ නංගිව බලන්න එපැයි.."

"මේක මල විකාරයක් උනානේ. උදේ මාව දැක්කෙ නැද්ද ආ.. "

"එහෙම බෑනෙ මගෙ රෝස කැටේ.."

ජියා ෆයිල්ස් ටිකත් වහලා කටත් ඉරක් කරගෙන ඇවිත් සෝෆ එකෙන් වාඩි වුනේ ටේ ට හිතින් බැන බැන.

"ආ මම කොහොමත් අල්ල ගන්න තමා හිටියේ.. ආපු එක හොදයි..."

"ඒ මොකටද... මම මොන වරදක් කලාටද "

ටේත් කෙලින් වෙන ගමන් පුටුවෙ වාඩි වෙලා එහෙම ඇහුවම ජියා,

"දැන් දවස් දෙකකට විතර කලින් ඔප්ප කියපු කතාව.."

"මම..මං මොනාද කිව්වේ..."

ටේ එයාගෙ දිහාටම ඇගිල්ලක් දික් කරගෙන ඇස් දෙකත් පොඩි කරන් එහෙම ඇහුවේ එයා ජියාට එහෙම විශේෂ දෙයක් කිව්ව කියන්න මතකයක් නැති නිසා.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now