වෙදදුරු මට අදයි ආරංචි වුණේ පුතෙක් ලැබුනේ කියලා.....
උදේම ගමේ ප්‍රධානියා වගේම ගමේ වෙදදුරු වෙන ජන්හ්යන්ව හම්බෙන්න ආවේ ගමේ ගොවිතැන් කරන වූන්බින්....හිනා වෙලා ජන්හ්යන් එකක කතා කරත් එයාගේ මුහුණ දුකින් පිරුනේ වෙදදුරු ඉන්න විදිහ දැකලා.......වෙඳදුරුට පුතෙක් ලැබුණ එක වගේම එතුමාගේ බිරිද දරුවව බිහි කරලා සුළු මොහොතකින් මිය ගිය බව මුළු ගමම දැනන් හිටියා.....මට ආරංචි වුණා නෝනා ගැන...ඇත්තමයි මටත් ගොඩක් දුකයි ඒ ගැන.....හැම දේම සිද්ද වෙන්නේ සඳ දෙවිදුගේ කැමත්ත අනුව වෙඳදුරු තුමනි.....
මම ඒක දන්නවා වුන්බින්, අදින් පස්සේ මම මගේ මේට් නැතුව ජිවත් වෙන එක නම් සඳ දෙවිදුගේ කැමත්ත ඒක ඒ විදිහටම වෙයි, ඒත් මගේ චූටි දරුවට එයාගේ ඔම්මව නැති කරපු එක සාදාරණ නෑ...........
ජන්හ්යන් අන්තීම ටික කිව්වේ ටිකක් විතර දුකෙන් වගේම කේන්තියෙන්...අළුත උපන් දරුවව එයා කොහොමද තනියම බලා ගන්නේ ඒ වගේම ඒ දරුවට මව් කිරි දෙන්නේ කොහොමද...මේ හැම දේම ගැන ජන්හ්යන් කල්පනා කරා එයාට බෑ කවදාවත් ඔම්මගෙන් ලැබෙන ආදරේ එයාගේ පුතාට දෙන්න මොකද ඔම්මා කියන්නේ ඔම්මට අප්පා කියන්නේ අප්පට......අනේ කොහේද අපේ පුංචි වෙදදුරු, මම උදෙන්ම එන්න හිටියේ කොහේද අපේ එකාව ඉස්කෝලේ එවන්න තිබ්බ නිසා පරක්කු වුණේ....කොහේද ඉන්නේ පුංචි එකා......
ජන්හ්යනුයි වුන්බිනුයි කතා කර කර හිටපු තැනට දුවන් ආවේ ජන්හ්යන්ගේ හොදම යාළුවගේ බිරිඳ සේහී.....ඇතුලේ නිදි සේහී...ගිහින් බලන්න.....
ජන්හ්යන් කිව්වම සේහී ඉක්මනට ගෙදර ඇතුළට ගියේ දරුවව බලන්න....ලා රෝස පාට සිනිදු රෙද්දකින් ඔතලා තොට්ටිල්ලාවේ නිදන් ඉන්න දරුවව දැක්කම සේහිගේ ඇස් වලට කදුළු පිරුනේ ඉබේටමයි....හිමීට පහත් වෙලා දරුවව අතට ගත්ත සේහී ආදරෙන් ඒ මුහුණ ඉම්බේ ඇස් වලින් එළියට එන්න හදන කදුළු පාලනය කරන ගමන්මයි... සේහී කොච්චර කදුළු පාලනය කර ගන්න හැදුවත් එයාගේ කම්මුල් දිගේ කදුළු බිංදුවක් ගලාගෙන ගිහින් වැටුනේ පුංචි දරුවගේ කම්මුලක....සිතල දැනිච්ච නිසා නැගිට්ට පුංචි දරුවා නහයත් උඩට ඇදලා කටත් බෙරි කර ගන්නකොටම සේහිට තේරුනා මේ පුංචි එකා දැන් අඩන්න යන්නේ කියලා......ඉක්මනට ඇද උඩින් වාඩි වුණ සේහී දරුවව නලවන්න ගත්තේ පුංචි එකාත් එයාගේ කදුළු පිරිච්ච බෝල ඇස් වලින් සේහී දිහා බලන් ඉද්දී......
YOU ARE READING
Let Me Feel your Warmness
Fantasyමගේ ඔමේගා මොන ප්‍රශ්නේ ආවත් මම ඔයා එක්කම ඉන්නවා....ඔයා තමයි මේ අධිරාජ්‍ය ලූනා....මේ පවිත්‍ර රුද්රයේ ඇල්ෆගේ ඔමේගා....... සඳ දෙවිදුට පිටු පාලා වැඩ කරන එක ලේසී දෙයක් කියලද හිතුවේ අධිරජුනී.....ඔබෙන් කවදා හරි දරුවෙක් පිළිසිද ගන්න පුළුවන් වෙන්නේ ඔබේ සෑ...