මා හට නොහැකි තවත් ඇවිද යාමට ඔමේගා!
වීදිය මද්‍යයෙහි සිටියදීම අල්ෆාවන් දෙපා මත වාඩිවද්දි ඔමේගාවන් දිගු සුසුමක් හෙලමින් ඔහු දෙස බලා සිටියා!
මන්ද නොහැකි හා? තවම නෑ අපට නේවාසිකාගාරයක් හමු වූයේ!
නමුත්...නමුත් නෑ නුඹ දහවල් අහරෙන්වත් මාගේ කුස පිරවූයේ! කුඩාම ප්‍රමානයේ එක් සහල් බදුනකින් කෙලෙසද මා ජීවත්වනුයේ හා!? නුඹ වක්‍රාකාරව මරණය කරා ගෙන යාමට තැත් කරනවා නොවෙද ඔමේගා!?
ඇල්ෆාවන් විමසද්දි ඔමේගාවන් ඔහු අසලට පහත්ව ඔහුගේ එක් බරතැ හස්තයක් තම උර වටා පටලවාගෙන තිබුනා!
එක් බත් බඳුනක් අනුබව කොටත් නුඹ මෙලෙස හැසිරෙනුයේනම්, එක් බත් බදුනක් අනුබවකොට දින දෙකක් පමන ගෙවා දමන ඔව්න් කෙලෙසකද හැසිරිය යුත්තේ හා? මෙලෙස විහිලුවක් සේ නොහැසිර නැගී සිටිනු ඇල්ෆා!
ඔමේගාවන්, අධිරජුන් හට දිනය පුරාවටම මෙලෙස දරුණු වද්දි, ඔමේගාවගේ මුරන්ඩු හැසිරීම හමුවේ ඇල්ෆාවගේ ඉවසීම නිසාවෙන් ඔව්න් හා පැමිනි ආරක්ෂක බටයින් පවා පුදුමව තිඹුනා!
කිමද දෛවය මෙලෙස මා නුඹගේ ඔමේගාවක කොට මා හා සරදම් කරනුයේ!
තමාගේ උර වටා පැටලී ගිය ඇල්ෆාවගේ හස්තයෙහි අතැගිලි අතර තම අතැගිලි නවතාලූ ඔමේගාවන්, ඇල්ෆාවන් හට වාරු දෙමින් ඉදිරියට පා තබමින් තමා හටම මුමුනා ගනිද්දි එම දවන් සවන වැකුණු ඇල්ෆාවන් තමා හා සිනහ වෙමින් සිටියා!
VOUS LISEZ
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...