Taehyung POV
තව තට්ටු 12 යි...තව තට්ටු 12 කින් මම එයාගෙ apartment එකේ....
"මිස්ටර් කිම්.....මිස්ටර් ජියොන් ඉන්නවා නේද...එයා ටිකක් දරුණු මනුස්සයෙක්....පරිස්සමින් දරුවෝ...."
මීට ටික වෙලාවකට කලින් මම මිස්ටර් ජියොන් ලඟදි හැසිරෙන්න ඕන විඳිය ගැන උපදෙස් ගොඩක් දුන්න මිසිස් ලින්ඩා මං යන්න හදද්දි අන්තිමට කරපු අනතුරු ඇඟවීම ගැන මතක් උන මම බර හුස්මක් ගත්තා....හැමෝම මේ විඳිය ට අනතුරු අඟවන්නේ කියලා මට තේරුනේ නැහැ...මුලින්ම මිස්ටර් මින්....පස්සෙ මිසිස් ලින්ඩා....වැරදිලාවත් මං මේ යන්නේ මනුස්සයෙක් ළඟට නෙවෙයි ද....
මිසිස් ලින්ඩා දන්නේ නැහැ මං මිස්ටර් ජියොන් ළඟට යන්නේ මොනවට ද කියලා....ඇත්තටම එයා හිතන් ඉන්නේ මං මිස්ටර් ජියොන් ගෙ servant කෙනෙක් කියල....ඒ අතින් එයාල සැහෙන්න හොඳට පොරොන්දු රකිනවා...අර ගිවිසුමේ තිබ්බ විඳිය ට මගේ අලුත් රස්සාව ගැන දන්නේ මිස්ටර් මින් මිස්ටර් ජියොන් වගේ ම මං විතරයි....
තව තට්ටු 5 යි...මට දැනෙන්නේ මොන වගේ හැගීමක් ද කියලා කිසිම තේරුමක් නැහැ මට....මන් බයෙන් ද මන් ගැනම කලකිරීමෙන් ද එහෙමත් නැත්නම් දුකින් ද ලැජ්ජාවෙන් ද....මට මාව තේරෙන්නෙ නැහැ....
මං මගේ හිතත් එක්ක ම තර්ක කර කර හිටපු කාල සිමාව ඉවර කරලා ලිෆ්ට් එකේ දොර ඇරෙද්දී මන් මිස්ටර් ජියොන් ගෙ ඩිනර් එක තිබුන ෆුඩ් ට්‍රොලි එකේ හැන්ඩ්ල් එක තදින් අල්ලා ගෙන ලිෆ්ට් එකෙන් එලියට අඩිය තිබ්බ....
මිස්ටර් ජියොන් ගෙ apartment එක තිබුනේ Grand J එකේ උඩම තට්ටු දෙකෙ...සම්පූර්ණ තට්ටු දෙකම ගන්න තරම් එයා සල්ලිකාර මනුස්සයෙක්....ඒ වගේ මනුස්සයෙක් ට මං වගේ කිසිම දෙයක් නැති හිගන කොල්ලෙක් වෙනුවට ලස්සන නිළියක් උනත් එයාගෙ වැඩේට ගන්න තිබ්බ...
ඒත් එහෙම වෙලත් ඇයි මාව ම?
ලිෆ්ට් එකේ දොර වැහිලා ගියා...මන් මට ඉස්සරහින් තිබුණ යෝධ පිළිම දෙකක් වගේ කළු ඇඳගත්ත ගාර්ඩ් ලා දෙන්නෙක් ගාර්ඩ් කරපු දොර දිහාවට ඇවිද ගෙන ගියේ මීටර් හතරක් විතර දිග වුන කොරිඩෝව දිගේ....

YOU ARE READING
ESCAPISM ᴋᴏᴏᴋᴠ(onhold)
Fanfictionආදරේ ගැන මන් දන්නේ නෑ ටේහ්‍යුන්ග්...ඒත් මට ඔයාව ඕන...ඔයාව මගේ ලගින්ම තියාගන්න මට ඕන... Top kook Bottom tae