විසිවන අඩිය ~

95 10 11
                                    

"අනේ බම් මගේ නන් දැන් බොක්කත් එක්ක රත් වෙලා තියෙන්නේ මුන් ඉක්මනට රිසාල්ට් එක දෙන්නෙත් නෑ රෙද්ද .... තව මුන් ලකුණු එකතු කරනවද .... කැල් එකක්වත් ගෙනිහින් දෙමුද "

" ශ් ... කටවහන් හිටු බන් අන්න නැගිට්ටා හරි පුතෝ දෙන්නයි යන්නේ "

     අද කලාප තරඟ මාස ගාණක ප්‍රැක්ටිස් එකක ප්‍රතිඵල දෙනකන් අපි මේ බලන් ඉන්නේ .... තරඟ තියෙන්නේ මල්කඩුවාව ස්කෝලේ මේන් හෝල් එකේ ... ටිකක් ලොකු ස්ටේජ් එකක් තියෙන්නෙ .... අපි සති ගානක් රෑ දිවා නොබලා ප්‍රැක්ටිස් කරලා සෑහෙන ලොකු කට්ටක් කාලා මෙතනට ආවේ ... අපි දාසය දෙනා දක්ශයෝ උනාට එක් එක්කෙනාටම වෙන් වෙන් වුන හැඩ තිබුනා මොකද අපි ඔක්කොම එකම ගුරුවරයෙක්ගේ නෙමේනේ ... එහෙම තමයි නැටුම් කියන දේ මං කියන්නේ නැටුම් හැඩ ගැන නැතුව ශාස්ත්‍රය නෙමේ ඉතින් ඒ හැඩ ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස් වෙනවා .... අපි දාසය දෙනා එකා වගේ ඉන්න ඕනේ තරඟේ දිනන්න නන් ... එක්කෙනෙක් එක පැත්තකට අතක් දික්  කරොත් සෙට් එකම ඒ පැත්තට ඒ කෙලින්ම ඒ උසින්ම ඒ විදියටම අත දික් කරන්න ඕනේ .. කකුල් උස්සද්දි , අඩියක් තියද්දී ඔලුව හරවද්දී ඔක්කොම එක වගේ වෙන්න ඕනේ හරියට එක ළමයෙක් කොපි පේස්ට් කරා වගේ වෙන්න ඕනේ ... එහෙම උනොත් තමා නැටුමක ලස්සන තියෙන්නේ ..... මොකද නැටුමක් ලස්සන වෙන්න තාලය රිද්මය හැඟීම් විතරක් මදී හැඩතල තියෙන්න ඕනේ....අවකාශ භාවිතය තියෙන්න ඕනේ .. රංග රටා .. අලංකාර පද ඔය ඔක්කොම තියෙන්න ඕනේ ... සාර්ථක නර්තන අංගයක් නන් එකේ පාවිච්චි කරලා තියෙන චලන පැහැදිලි වෙන්න ඕනේ ... සමූහ නැටුම් වල චලනයක් පැහැදිලි වෙන්න නන් ඔක්කොම එකා වගේ නටන්න ඔනේ ... මං මේ කියනවා වගේ ඒක හදන්න ලේසි නෑ හරිම අමාරුයි... අපේ මැඩම් උගුර ලේ රහ වෙනකම් කෑ ගහන්න ඇති ...මැඩම්ටත් ගෙදර යන්න වෙලාවක් තිබ්බේ නෑ අපි එක්කම මේකට නැහුනා මිසක් .... අලුතෙන් හැඩ හදනවා කියන එක අමාරුයි කියන්නේ හරියට නිකන් පොඩි කාලේ ඉඳන් වමෙන් වැඩ කරන්න පුරුදු වෙච්ච ළමයක්ට එකපාරටම දකුණෙන් වැඩ කරවනවා වගේ වැඩක් .. ඒක ලේසි නෑ ... ඒත් අපි දාසය දෙනා අපිට පුළුවන් උපරිම ඒඑ වෙනුවෙන් මහන්සි උනා ... ඉතින් අපි සාර්ථක වෙලාද කියලා දැනගන්නයි මේ බලං ඉන්නේ

_~ අහස් රාගය ~_Donde viven las historias. Descúbrelo ahora