ම්ම්හ්ම්... ගෝෂා නගනු එපා!
අධිරජුන්ගේ සවනට හසුවන අපහැදිලි ශබ්දයන් ඔහුගේ නින්දට බාදා පමුණුවද්දි ඔහු දෑතින් සවන ආවරනය කරමින් මුමුණා සිටියා! නමුත් ඔහුව ඇසීමට අයෙකු එහි නොසිටියා!
ගෝෂා නගනු එපා!!
යලිඳු වරක් නිදි දෙව්දූන් තුරුල්ලට යාමට ඇල්ෆාවන් තැත් කලත් නැවතුමක් නොමැති හඬවල් ඔහුව කෝප ගන්වා තිබුනා!
මා අණකලා නොවෙද හා!!! ඔයලෙස ගෝෂා නගනුයේ මියදීමට අවැසිවද!!!!!!!!
ඇතිරිලි මත ආවේගයෙන් වාඩිවූ ඇල්ෆාවන්, තවමත් පියවගිය දෑස් සහිතවම උස් හඩින් ගුගුරද්දි මඳකට සියලුම ශබ්දයන් සුන්ව ගියත් එලබෙන මොහොතෙහි නිශ්ශබ්ද බව බිදලමින් පැතිරුනු සිනහා හඬවල් ඇල්ෆාවන්ව කුතුහලයෙනුත් කෝපයෙනුත් පුරවාලූවා!
දෑස් විවර කොට බැලූ ඇල්ෆාවන් හට, නේවාසිකාගාර ඉදිරිපිට තමාට පිටුපා සිටින ඔමේගාවනුත්, ඔහු ඉදිරියෙහි සිටින ඇල්ෆාවකු හා ඔහුගේ බීටා සඟයනුත් දිස් වද්දි අධිරජුන් කලබලයෙන් ඇතිරිලි මතින් ඈත්ව ඔමේගාවන් වෙත පියනගා තිබුනා!
නුඹ!? කුමන අඤානයෙකුද මොහු හා!?
ඔමේගාවගේ මුව දෙසට බරවූ ආගන්තුකයා, ඔමේගාවන් පසකින් සිටගත් අධිරජුන් ඉඟි කරමින් විමසද්දි, දිගු සුසුම් ලමින් ඇල්ෆාවගේ මිටිව තිබූ හස්තයක් ග්‍රහනය කොටගත් ඔමේගාවන් ඔහුගේ මුව විවරකොට තිබුනා!
ඔහු මාගේ ස්වාමිපුරුෂයා! මෙහි ගැටලුව ඇත්තේ ඔහු මත නොවෙයි!
හා එය සැබෑවයි ඔමේගා! නමුත් මෙම අධමයා සිතා සිටිනුයේ ඔහු රාජ්‍යයේ අධිරජුන් කියාද හා!? ඔහු නිදා සිටින විට අප ඔහුට බාදා නොකොට නිශ්ශබ්දව සිටින්න!? කොපමණ සරදමක්ද හා!
VOCÊ ESTÁ LENDO
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanficනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...