"එක්ස්කියුස්මි සර්..."
"ඔහ්.. සංජයන පුතා.... මං පුතාව හැම තැනම හෙව්වා..... කොහෙද පුතා හිටියේ..."
"ගොඩක් දේවල් වුනා සර්...."
"මටත් පුතාව දැක්ක ගමන් තෙරුනා ඒක ගැන තාත්තාට මොකද වුනේ...."
"දැන් අවුරුදු තුනකට කලින් තාත්තායි අම්මායි මායි ඇක්සිඩන්ට් උනා සර්... ඒ දෙන්නා නැති වුනා.. මං අබ්බගාතයෙක් උනා...."
"අවුරුදු තුනටක කලින් නොවැම්බර් වල තමා තාත්තා අන්තිමට මාව හම්බවෙන්න ආවේ... එදා තාත්තා ගොඩක් කලබලෙන් හිටියේ පොඩි කොල්ලෙකුත් එක්ක ආවේ... මට කිව්වා ඉස්සරහට මොන දේ උනත් දවසක කම්පැනි එක ඔයාට යන්න ඔනේ කියලා... එදා ඇහුවාම දැන් මං මොකද්ද කරන්න ඔනෙ කියලා.... ඔයාගේ තාත්තා කිව්වෙ කරන්න ඔනෙ බලන් ඉදලා හරි කාලෙදි මගේ පුතා ආවාහම හැමදේම දෙන්න කියලා... ඊටපස්සේ එයාගෙ කම්පැනි එකේ ශෙයාස් වලින් කොටසක් මට දුන්නා... මගෙන් පස්සේ අයිතිය ඒ ආපු කොල්ලට දීලා තමා ඔයාගේ නමට දැම්මේ.... මං මොකද්ද හරියටම උනේ කියන්න දන්නෙ නෑ පුතා දන්න හැමදේම කිව්වා.... මොන දේද දැන් මේ වෙන්නේ ඒ දේ කලින් ඉදලම ඔයාගේ තාත්තා දැනගෙන ඉදලා තියෙනවා...."අහන්නත් කලින් ප්‍රොෆෙසර් මට හැමදේම කිව්වා...
"ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රොෆෙසර්.... ඔය කියන ලමය කවුද.... ප්‍රොෆෙසර්ට එයාගේ මූනවත් මතකද...."
"පුතා මං ලමයාගේ නම් දන්නේ නැහැ... ඒත් ඒ ලමයා හිටියේ ලොකු කේන්තියකින් ඉතින් මට ඒ ලමයව හොදට මතකයි... ඒ ඇස් වල ලොකුම ලොකු වෛරයක් දැක්කා.... මට දැක්කොත් එයාව අදුර ගන්න පුලුවන් වෙයි....."
මට මොකක්දෝ හේතුවකට මහීම මේකට සම්බන්ද ඇති කියලා හිතුනා... ඉක්මනට ඵෝන් එක ගත්තු මන් මහීමගේ පොඩි කාලේ ෆොටෝ එක පෙන්නුවා...
"සර් ඒ කොල්ලා මෙයාද...?"
"ඔව් මෙයා තමයි... මට හොදට මතකයි එ මෙය තමයි.."
"එ දවස නොවැම්බර් කවද්ද කියලා සර්ට මතකද...."
"මට හරියටම මතක් නැ පුතේ.... ඒත් ඉන්න... ශෙයාස් වල ඩොකියුමන්ට් අත්සන් කරපු දවස...."සර් ගිහින් කබඩ් එකකින් ෆයිල් වගයක් අවුස්සන්න ගත්තා.... මට හිත ගන්න බැ මෙතන වෙන්නේ මොකද්ද කියලා... සර් කියන විදිහට මේ වෙන හැමදෙයක්ම කලින් ඉදලම වෙන්න තිබ්බ දේවල්... මගේ ඔලුවත් එක්ක පිස්සු වැටිලා... ඒ මදිවට මටත් කලින් මහීම මේකට සම්බන්ධ වෙලා.... මට දවස දැන ගන්න ඕනේ වුන එකම හේතුව ඒ දවස මහිමගේ ඩෙත් සෙටිෆිකට් එකේ දවසට පස්සේ දවසක් නම්.... එයා ජීවත් වෙනවා....
YOU ARE READING
Letter of November [yizhan] sinhala
Fanfictionආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස්ගහක වෙනසක් ඔයා තෝරාගන්නේ මොන පැත්තද එක තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි